2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

උණුවතුර වැටුණු තරුව

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1102

අපේ රටේ ජනප්‍රියම ක්‍රීඩාවට සම්බන්ධ දක්ෂයෙක් අදක්ෂ වැඩක් කරන්න ගිහිල්ල පෝරියල් එකකට කොටුවුණ බව පසුගියදා ආරංචි වුණා...

දකුණෙ තරු හෝටලේක තිබුණ ලොකු සාදයකදී තමයි මේ හුටපටේ වුණේ. එයා ජනප්‍රිය තරුවක් නිසා වාර දෙක තුනක් එයා එක්ක කතා කළ තරුණියකට නොමනා යෝජනාවක් කරල මේ ක්‍රීඩා තරුව වැඩේ අලකරගත්ත බව වාර්තා වුණා. මේ හුටපටේ ඉවරවුණේ ගුටි බැට පූජාවකින් බවත් කියැවුණා. කොහොම නමුත් මේ වැඩේට සම්බන්ධ වුණ ක්‍රීඩා තරුව කවුද කියන එකට ඒ හැටි ප්‍රසිද්ධියක් ලැබුණෙ නැත්තෙ ක්‍රිකට්වලට ආදරේ කරන මිනිස්සු රටේ වැඩිපුර ඉන්න හින්දය කියල සමහරු කිව්ව...

කොහොම වුණත් මේ ක්‍රියාව පාලනේ කරන බලධාරීන් ඉතාම සියුම් විදියට මේ පුද්ගලයා ගැන සොයල බැලුවම ගුණයක් ඇති තිලකයක් වගේ කෙනෙක්ගෙ නමක් දැනගන්න ලැබුණලු... ඊටපස්සේ එයාගේ අතීත කල්ක්‍රියාවන් සලකළ උන්නැහේ දැන් ක්‍රිකට් මණ්ඩලේ විසින් උණුවතුරට දාලලු...

දැඩි පියවරක් අරන් මිස නවතින්නෙ නැහැ කියලත් වගකිවයුත්තන්ට දන්වල කියලයි ආරංචි...