2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

වර්ජනේ

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 630

ආණ්ඩුවේ ඇතුළේ පහුගිය ටිකේම ප්‍රශ්න වැඩිවුණේ ගෙයි ගින්දර එළියට යන්න ගත්ත නිසාලු. ඊටපස්සේ පොහොට්ටුවේ නායක තැන වගේම රටේ දෙවැනි තැන මේ ගින්දර නිවන්න පක්ෂ නායක රැස්වීමක් කැඳෙව්ව පහුගිය සතියේ. ඉතිං මේකෙදී හැමෝගෙම ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්න විසඳන්නලු වැඩේ ප්ලෑන් කළේ.

හැබැයි  ඒ බව දැන දැනත් ආණ්ඩුවේ නමගිය පක්ෂ නායකයෝ කීපදෙනෙක් ඒ රැස්වීම වර්ජනය කළා. මේ කරපු වැඩේ ඊට පහුවැනිදා මාධ්‍යවලත් ලොකුවට ගියේ ආණ්ඩුවේ ප්‍රශ්නය තව තව වැඩිවෙලා වගේ. හැබැයි එහෙම වුණාට ඇත්තටම වෙලා තියෙන්නේ ඒ පක්ෂ නායකයෝ ටික තවත් පක්ෂ ලොක්කෙක්ගේ ලණුවක් කාලා කියලයි ආරංචිය.

ආරංචි විදියට අත පාටියේ දෙවැනි තැන වෙච්ච උන්නැහේ තමයිලු අනික් පක්ෂවල අයටත් යන්න එපා අපි මේක වර්ජනය කරමු, කියලා තියෙන්නේ. ඉතිං වැඩේ එහෙම ප්ලෑන් කරන් ඉන්නකොට අත පාටියේ ලොකු තැනටයි, ජ්‍යෙෂ්ඨයෝ වගයකටයි ආරංචි වුණාලු මේ කතාව. වහාම එයාල මේ වර්ජන සංවිධායක කැඳවලා ප්‍රශ්න කරලා “ඔයාට එහෙම තනි තීරණ ගන්න බෑ. පක්ෂයේ අපිත් ඉන්නවා. මෙහෙම කරලා ආණ්ඩුව එක්ක අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා. ඒ නිසා මේ රැස්වීමට අපි යනවා. ඔයත් එන්න ඕන” කියලා, එයාවත් ඇදන් රැස්වීමට ගියාලු.

කොහොමහරි අතපාටිය රැස්වීමට සහභාගි වුණා විතරක් නෙමෙයි එයාලට යන්න එපා කිව්ව එක්කෙනත් ගිහිල්ලා හිටිය බව රැස්වීම වර්ජනය කළ පක්ෂයක කට තියෙන කෙනෙක්ට ආරංචි වෙලා ටැලිෆෝන් එකෙන් වර්ජන සංවිධායකගෙ පතුරු ඇරිය කියලයි ආරංචි.