2020 ජුලි 18 වන සෙනසුරාදා

එකට එක කරන්න තීන්දුවක්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 803

පොහොට්ටුවේ ලොක්කන්ගේ විරෝධය මැදත් එයාලගේ කිහිපදෙනෙක්ම අතපාටියේ ලොකු ලොක්කන්ට පහර දෙනවා. එහෙම පහර දෙන ගම්පහ පැත්තේ නායකයා කියන්නේ එයාලා ඉදිරි ඡන්දෙන් වැඩි ආසන ගණනක් ගත්තොත් ආණ්ඩුවට එයාලා වාතයක් වන්නට පුළුවන් නිසා එයාලගේ බලය අඩු කරන්න මෙහෙම කරන බවයි...

පසුගිය දාක පුලතිසිපුරේ පැත්තෙදි මේ ගැන කතාබහට හිටපු ලොකු තැන සහ තවත් පිරිසක් එකතු වුණා... ඒකෙදි මේ ගැන දීර්ඝව කතා කළාලු...

දිගින් දිගටම ඔය දෙතුන් දෙනා අත පාටියේ ඒකට පෙරළා ඉහළ මට්ටමින් ප්‍රතිචාර දැක්විය යුතුයැයි තීන්දුවක් ගත්තා.

ඒ වෙනකොටත් වයඹින් ආපු පාටියේ මහලේකම් තැන පොහොට්ටුවේ ගම්පහ ලොක්කට උත්තර දීම පටන්අරන් තිබුණා...

අන්තිමේදී මේ සතියේ හිටපු ලොකු තැන ඒ කියන්නේ අත පාටියේ මහ පුටුවෙන් විශ්‍රාම ගන්න හිතන් ඉන්නවය කියන උන්නැහේත් තමන්ලාට පහර දෙන අයට පිළිතුරැ පටන්ගත්තලු.

එතැනදී උන්නැහේ කිව්වේ රටට වැඩ කළ තමන්ට බිය වී එක එකා ගහන ගේම්වලට තමන් වගේ ගමෙන් ආපු මිනිහෙක් වට්ටන්න බැරි බවයි.

කොහොම නමුත් මේ ප්‍රතිචාරවලට ළඟදිම උත්තර ලැබෙන්නත් ඉඩ තිබෙනවලු.. එහෙම වුණොත් ඡන්දෙ කිට්ටුවෙන කොට කස්ටියටම ලොකු මඩ වලකට බහින්න වෙන බවයි තතු දත් අය කියන්නේ.