2022 ජනවාරි 08 වන සෙනසුරාදා

කොවිඩ් වසංගතය මැද්දෙත් දිනකට ළමා අපයෝජන 33ක්!

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 197

ළමා අපයෝජන සම්බන්ධයෙන් ලෝකයේ පවතින තත්ත්වය එතරම් හොඳ නැත. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ පවතින්නේද බරපතළ අවදානමකි. ළමා ආරක්ෂක අධිකාරියේ වාර්තා අනුව දරුවන් හිංසනය හා ක_රත්වය පිළිබඳව සිදුවීම්වල ඇත්තේ වර්ධනයකි. ඒ ඇසුරේ ආන්දෝලනාත්මක ළමා අපචාර සිදුවීම් ගණනාවක් එකදිගට අසන්නට ලැබිණි.

දරුවන්ට හොඳම සහ ආරක්ෂිතම තැන සිය නිවෙස බව කවුරුත් සිතති. නමුත් එය මුසාවක් බව පෙනී ගොස් ඇත්තේ කොවිඩ් වසංගතය හමුවේ නිවෙසටම කොටු වූ දරු දැරියන් විවිධාකාරයේ අපයෝජනයන්ට ලක්වූ බව වාර්තා වීමත් සමඟය. ලංකාවේ දරුවන් තනිවම හා කණ්ඩායම් වශයෙන් අපයෝජනයට ලක්වූ අවස්ථා මෙන්ම පිරිමි දරුවන් බහුල වශයෙන් අපයෝජනයට ලක් කිරීමේ ප්‍රවණතාවක් තිබෙන බව පොලිස් වාර්තාවලින් දැනගන්නට ලැබේ.

රටේ ළමා අපචාර අඩු වැඩි හෝ එවැනි සිදුවීම් වාර්තා වන්නේ පොලීසිය හෝ ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන පැමිණිලි ඇසුරිනි. මේ අතරට රටේ සෑම අපයෝජනයක්ම හෝ හිංසන ක්‍රියාවක්ම වාර්තා නොවන අතර රහසේ හිතාමතා සඟවන සිදුවීම්ද ඕනෑ තරම් විය හැකිය.

මේ ආකාරයට වාර්තා වන සිදුවීම් නිසා ලෝකයේ අනාගත වගකීම දරන්නට සිටින ළමයින් කාමාතුරයන්ගේ ගොදුරු වීමත් වැඩිහිටියන්ගේ ක_රත්වයට පත්වීමත් ඛේදවාචකයකි. ළමයින් සම්බන්ධයෙන් සිදුවන ඕනෑම අකටයුත්තක් අපයෝජනයක් සේ සලකන අතර ලිංගික අතවර හා ශාරීරික හිරිහැර මෙහිදී මුල් තැනක් ගනී.

ඉකුත් මාස 11 තුළදී ළමා අපචාර හා ළමා හිංසන ක්‍රියා පිළිබඳව පැමිණිලි 10,713ක් ලැබී ඇතැයි වාර්තා විය. මේ අතරින් වයස අවුරුදු 5ට අඩු දරුවන් හා සම්බන්ධ සිදුවීම් 1,632ක් ලෙසත් අවුරුදු 6 – 10 අතර පසුවන දරුවන්ට එරෙහි සිදුවීම් 2,626ක් වශයෙන් ද වාර්තා වී තිබේ. ඒ අනුව මාස 11 තුළ සිදුව ඇති අපයෝජන ගණන 4,258කි. මේ අනුව පෙනී යන්නේ පිරිස අතරින් 40%ක් අවුරුදු දහයට අඩු දරුවන් අපයෝජනයට ලක්ව ඇති බවය. මේ දත්ත වාර්තා පෙන්වා දෙමින් ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසන්නේ ලංකාවේ දිනකට ළමා අපයෝජන 33ක් සිදුවන බවය.

මෙරට දරුවන්ට එරෙහිව සිදුවන අපයෝජන හා එවැනි සිදුවීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම රාජ්‍ය මැදිහත් වීම මත ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත යටතේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා ඇත. මෙවන් ආයතනයක් පැවතියද දරුවන්ට එරෙහිව සිදුවන අපයෝජනවල අඩුවක් දකින්නට නැත. එම ආයතනය වෙතින් නිකුත් කරන මාධ්‍ය නිවේදන හා අපයෝජනවල අඩුවක් දකින්නට නැත. එම ආයතනය වෙතින් නිකුත් කරන මාධ්‍ය නිවේදන හා අපයෝජන සංඛ්‍යාලේඛන පමණක් බොහෝ විට මාධ්‍ය හරහා වාර්තා කෙරේ. ඒ හැර එම සිදුවීම් මර්දනය සඳහා වැඩපිළිවෙළ සිවිල් සමාජය බලගැන්වීම දැනුම්වත් කිරීම හෝ හිංසනයන්ට ගොදුරු වූ දරුවන්ට නිසි පුනරුත්ථාපන ක්‍රියාවලියක් පෙනෙන්නට නැත. ඒ අනුව ළමා ආරක්ෂක අධිකාරිය වගකීම පැහැර ඇතැයි ඇතැමුන්ගේ චෝදනාවකි.

ළමා ආරක්ෂක අධිකාරිය තුළ ක්‍රියාත්මක නීති අංශය, මනෝ සමාජයීය අංශය, විමර්ශන අංශය හා ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශ මේ සම්බන්ධව කටයුතු කරයි. මීට අමතරව දිස්ත්‍රික්ක 25 තුළ දිස්ත්‍රික් ළමා ආරක්ෂණ නිලධාරීන් දිස්ත්‍රික් මනෝ සමාජයීය නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 332 ආවරණය වන පරිදි ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරීන් ඇතුළු පිරිසක් රාජකාරියේ නිරත වෙති. එවැනි යාන්ත්‍රණයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ පැවතියද මේ වන විටත් දිනකට ළමා අපචාර සිදුවීම් 33ක් වාර්තා වීම බරපතළ ගැටලුවකි. මේ අතර පරිවාස හා ළමා ආරක්ෂණ සේවා දෙපාර්තමේන්තුවද යම් කාර්යයක නිරත වෙයි. රාජ්‍ය මැදිහත් වීම තුළ ළමා ආරක්ෂණය පිළිබඳව නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් රට පුරා දරු දැරියන් අපයෝජනයට ලක්වන්නේ නැති බව කිව යුතුය.

කොවිඩ් වසංගතය හමුවේ නිවෙස්වලට කොටු වූ දරුවන් පසුගිය මාස 11ක කාලය තුළ අපයෝජනයට ලක්වීම බරපතළ ගැටලුවකි. මෙවැනි ළමා අපයෝජන ජාත්‍යන්තර දත්ත හා සැසඳීමේදී මහා බ්‍රිතාන්‍යයේ National Society for Prevention of Cruelty of Children නැමැති ආයතනය පෙන්වා දෙන්නේ කොවිඩ්-19 හමුවේ බොහෝ රටවල් හුදෙකලා ක්‍රියාවලියකට පත්කර තිබුණු පසුබිමකද ළමා හිංසන වැඩි වී ඇති බවකි.

 සමන්ත විල්තෙර