2021 ජුලි 17 වන සෙනසුරාදා

ඇමැති හයකගේ පට්ටම් මාරු?

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 650

දේශපාලන වාර්තාකරු |

ඉදිරි දිනවල රජය විසින් සිදුකිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කැබිනට් අමාත්‍යංශ හයක පමණ වෙනස්කම් සිදුකිරීමට රජය සැලසුම් කර ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

පසුගිය සතියේ දේශය වාර්තා කළ ආකාරයට රජයේ නව දේශපාලන ප්‍රතිසංස්කරණ යටතේ මෙම කැබිනට් වෙනෙස සිදුකිරීමට නියමිත බව සඳහන්ය. රජයේ ඉහළම පෙළේ නම් සඳහන් කිරීමට අකැමැති වූ ප්‍රකාශකයෙක් සඳහන් කළ ආකාරයට කැබිනට් අමාත්‍යංශ 6ක පමණ විෂයන් මාරු කිරීමට යෝජනා වී තිබේ.

එලෙස මාරු කෙරෙන විෂයන් වන්නේ විදේශ, අධ්‍යාපන, කර්මාන්ත, බලශක්ති, ප්‍රවාහන හා නිවාස යන විෂයන් බවද සඳහන් වෙයි. මේ හැර තවත් විෂයන් දෙකක් මාරුකළ යුතු බවට ඉහළ පෙළේ සාකච්ඡාවක් ඇතිවී තිබේ. එහෙත් ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැත.

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී දැනට පුරප්පාඩුව පවත්නා කැබිනට් අමාත්‍ය තනතුරු 2 සහ රාජ්‍ය අමාත්‍ය ධුර 1න් කිහිපයක් සඳහා නව පත්වීම් සිදුකළ යුතු බවටද යෝජනා වී තිබේ.

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00
 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00