2023 මාර්තු 26 වන ඉරිදා

ඩොලර් කෝටි 700ක් ආයතන දෙකකින් සහ රටවල් දෙකකින්

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 38

I දේශපාලන වාර්තාකරු

මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට ශ්‍රී ලංකාව සම්බන්ධ වීමෙන් පසු තවත් ජාත්‍යන්තර ආයතන ගණනාවකින් හා රටවල් දෙකකින් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 7ක ණය ලබාගැනීමට අපේක්ෂා කරන බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජපානය සහ ඉන්දියාව මෙලෙස ණය ලබාගැනීමට අපේක්ෂා කරන සංවිධාන සහ රටවල් වෙයි. මේ අතරින් ජපානයෙන් ඩොලර් බිලියන 2ක් පමණද ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් පමණ වටිනාකමකින් යුත් රුපියල් ණය මුදලක්ද ලබාගැනීම රජයේ සැලසුමය. ඉතිරි මුදල් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ණය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලබාදෙන ව්‍යාපෘති ණය මුදල් බවද සඳහන්ය.