2023 මාර්තු 19 වන ඉරිදා

වැඩි මිලට ගෙනා රට බඩු අඩු ගාණට දෙන්න බෑ - ආනයනකරුවන්ගේ සංගමය

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 44

යසවර්ධන රුද්රිගු I

ක්ෂණිකව ඩොලරය අවප්‍රමාණ වී භාණ්ඩ මිල අඩු වූ විට ඒ මිලට භාණ්ඩ අලෙවි කළහොත් තම ව්‍යාපාර කඩා වැටෙනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න දේශයට පැවසීය.

ඔහු දේශය පුවත්පතට ප්‍රකාශ කළේ අමෙරිකානු ඩොලරය හදිසියේ අවප්‍රමාණ වීම නිසා මෙරට ආනයනකරුවන් විශාල අමාරුවක වැටී සිටින බවයි. ඩොලරය රුපියල් 370ට තිබියදී ආනයනය කළ ආහාර ද්‍රව්‍ය ඩොලරය රුපියල් 310ට පහළ වැටෙන විට තම ගබඩාවල තිබූ බවද පැවසීය. එසේම තමන් වැඩි මිලට ඇණවුම් කළ ඇතැම් භාණ්ඩ තවමත් මෙරටට ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

මෙලෙස ඩොලරය අවප්‍රමාණ වූ විට එයට පෙර තමන් ගෙනා ද්‍රව්‍ය අඩු මිලට අලෙවි කළහොත් තම සාමාජිකයන්ගේ ව්‍යාපාර බිඳවැටෙන බව ඔහු අවධාරණය කළේය.

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00