2023 මාර්තු 19 වන ඉරිදා

මේ සෝඩා බෝතල් ආර්ථිකයක් - සුනිල් හඳුන්නෙත්ති

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:01 64

ගයාන් ගාල්ලගේ I

වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සෝඩා බෝතලේ මූඩියා කැඩුවා හා සමාන බව ජාතික ජන බලවේගයේ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය. ඊට හොඳම උදාහරණය වන්නේ මෑතක රුපියලේ අගය පෙන්වමින් සිදු කළ බොරුවෙන් බව හෙතෙම සඳහන් කළේය. එසේම වර්තමාන ආණ්ඩුව ජාත්‍යන්තරයේ හිත් දිනාගැනීම සඳහා ''ආර්ථික මැජික්'' පෙන්වමින් සිටින බවත් ආර්ථිකය යනු ඕන ඕන වෙලාවට වෙනස් කළ නොහැකි දෙයක් බවත් හෙතෙම පැවසීය.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ නන්දලාල්ගේ ආර්ථික මැජීක් ඒ මොහොතේ රසබර වූවාට එහි අවසාන ප්‍රතිඵලය සදාකාලික විඳවීමක් බවද හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.