2023 මාර්තු 19 වන ඉරිදා

ඩුබායි රත්‍රන්වලට රුපියල යටවෙලා

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:02 225

සංජීවිකා සමරතුංග I

දින 10කට ආසන්න කාලයක් අධිප්‍රමාණය වූ (වටිනාකම ඉහළ ගිය) රුපියල නැවතත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව බාල්දු වීමට පටන් ගත්තේ ඩුබායි වෙළෙඳපොළේ රත්‍රන් ලාභ වීම නිසා ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාවේ පැවති අතිරික්ත ඩොලර් ඩුබායි රත්‍රන් මිලට ගැනීම සඳහා භාවිත කිරීම හේතුවෙන් බව කොළඹ විනිමය වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

පසුගිය කාලයේ ඩොලර් සඳහා පැවති ඉල්ලුම අඩුවීම නිසා වෙළෙඳපොළේ මාසික ඩොලර් අතිරික්තය ඩොලර් මිලියන 300කට ආසන්න වී තිබුණි.

රටේ ආර්ථිකය හැකිලීම හේතුවෙන් මෙලෙස ඩොලර් ඉල්ලුම අඩුවිය. එහෙත් ඩුබායි වෙළෙඳපොළේ රත්රන් මිල පහළ යාම හේතුවෙන් එම රත්රන් ශ්‍රී ලංකාවට ගෙනවිත් නැවත සාදා ඉන්දීය වෙළෙඳපොළේ වැඩි මිලකට අලෙවි කිරීමට අවස්ථාව උදාවීමත් නිසා හදිසියේ නැවතත් ඩොලර්වලට ඉහළ ඉල්ලුමක් නිර්මාණය විය. ඒ නිසා නැවතත් ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වන්නට පටන්ගෙන ඇතැයි විනිමය වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.