2022 නොවැම්බර් 20 වන ඉරිදා

ඇමැතිලා ඇවිලේ වැඩ අවුල්

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:04 466

I දේශපාලන වාර්තාකරු

රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශයකට පත්කර සිටින රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා අතර හටගෙන තිබෙන බල අරගලයක් නිසා එහි ඇතැම් රාජකාරි කටයුතු ව්‍යාකූල වී ඇති අතර එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විශාල අපහසුතාවන්ට පත්ව ඇතැයි දේශයට වාර්තා වෙයි.

එකම විෂය ගැන රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා වෙන වෙනම මාධ්‍ය හමු පැවැත්වීම, අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධයෙන් දෙදෙනා පරස්පර තීරණ ගැනීම පාර්ලිමේන්තුවේ අදාළ අමාත්‍යංශය වෙනුවෙන් කතා කිරීමේදී එකම කතාව දෙදෙනාම ඉල්ලා සටන් කිරීම වැනි දේ නිසා එම කටයුතු භාර නිලධාරියන් පීඩාවට පත්ව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම රාජ්‍ය ඇමැති බල අරගලය ගැන ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙතද තොරතුරු වාර්තා වී ඇති අතර ඉදිරි අමාත්‍ය මණ්ඩල වෙනසේදී මෙම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ධුර එකක් දක්වා අඩු විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.