2022 අගෝස්තු 28 වන ඉරිදා

දේශපාලනයට එන්න: පොහොට්ටුවෙන් ගෝඨාභයට ඇරියුම්

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 54

I සංජීවිකා සමරතුංග

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේ දිවයිනට පැමිණි පසු ඔහුට පොහොට්ටුවේ දේශපාලන කටයුතු සඳහා සහභාගි වන ලෙස ඇරියුම් කිරීමට එම පක්ෂය තීන්දු කර ඇති බව දේශයට වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී පක්ෂයේ ඉහළ තනතුරක් බාරගන්නා ලෙස ඔහුට ඇරියුම් කර තිබූ නමුත් ගෝඨාභය මහතා පොහොට්ටුවේ කිසිදු තනතුරක් බාරගත්තේ නැත. එහෙත් මෙවර ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු එම පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන කටයුතුවලට සම්බන්ධ කර ගැනීම සඳහා ඔහුට පක්ෂයේ විශේෂ තනතුරක් ලබාදෙනු ඇති බවද පොහොට්ටුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.