2022 ජනවාරි 08 වන සෙනසුරාදා

පොලී අනුපාතය යළිත් ඉහළට

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 569

I සංජීවිකා සමරතුංග

ඉදිරි මාසයේ සිට බැංකු පොලී අනුපාතය නැවත වරක් ඉහළ දමනු ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග කියයි. රජය විසින් තවදුරටත් මුදල් මුද්‍රණය නොකොට වෙළෙඳපොළෙන් අවශ්‍ය මුදල් රැස්කිරීමට ගත් තීන්දුවට සමගාමීව පොලී අනුපාතය ඉහළ දැමෙනු ඇතැයි කියැවේ.

වත්මන් රජය බලයට පත්වූ පසුව රුපියල් ට්‍රිලියන 1.3ක් අලුතෙන් මුද්‍රණය කළ අතර දැන් මුදල් මුද්‍රණය අත්හිටුවීමට අපේක්ෂා කරන බවද මහ බැංකුව පවසයි.

පසුගියදා රජය ප්‍රකාශයට පත්කළ සහන පැකේජය සඳහා රුපියල් බිලියන 230ක් පමණ අවශ්‍ය වන නිසා එම මුදලින් කොටසක් දේශීය මුදල් වෙළෙඳපොළෙන් සපයා ගැනීමට නියමිතය.

එසේම රටේ පවත්නා උද්ධමන අනුපාතයට සාපේක්ෂව ඍණ පොලී අනුපාතයක් ක්‍රියාත්මක වීමද පොලී අනුපාත වැඩි කිරීමට හේතුවක් වන බව දැනගන්නට තිබේ.