2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

අණ්ඩුවේ විපක්ෂයෙන් අදත් සටනක්

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 116

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර ප්‍රබල මතගැටුමකට තුඩු දී තිබෙන යුගදනවි බලාගාරය ඇමෙරිකානු සමාගමකට පැවරීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් අද (ඉරිදා) සන්ධ්‍යාවේ පැවැත්වෙන විශේෂ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කිරීමට රජයේ හවුල්කාර පක්ෂ 12ක් තීන්දුකර ඇති බව දේශයට වාර්තා වෙයි.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 12ක් විසින් යුගදනවි බලාගාර ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලා තිබිණි. එහෙත් ජනාධිපතිවරයා ඊට වේලාවක් ලබා නොදී මේ ගැන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් හා අගමැතිවරයා සමග සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය බව දැන්වූයේය. එම දැනුම්දීමෙන් පසු ආණ්ඩු පක්ෂ මැති ඇමැතින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්වරට රැස්වන්නේ අද දිනය.

අද සවස 6.00 ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්වෙයි. එහිදී යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඒ ගැන කරුණු විමසා තීන්දුවක් ගැනීමට අපේක්ෂා කරන බව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ප්‍රධානියෙක් දේශයට කීය.

කෙසේ වෙතත් දැන් මෙම යුගදනවි ගිවිසුම අත්සන් කර හමාරය. ඊට එරෙහිව ඇල්ලේ ගුණවංශ හිමියන් සහ කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ද සමගි ජනබලවේගය සහ බෙංගමුවේ නාලක හිමියන්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක්ද ගොනුකර තිබේ.