2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා

News බකට්

 2021 ඔක්තෝබර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 198

රවුෆ් හකීම්ගෙන් සැර අවවාදයක්

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට සැර අවවාදයක් කර තිබේ. ඒ පසුගියදා පැවැති පක්ෂ උත්තරීතර මණඩලයේදීය. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නායකත්වය වෙනස් කිරීමට කාලය වැය නොකර පක්ෂය දියුණු කිරීමට කාලය යෙදවීම වැදගත් බව හකීම් එහිදී සිය පක්ෂ කණ්ඩායමට කියා ඇත. ඊට හේතුව පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් නායකයාට එරෙහිව රැස්වීම් පවත්වමින් නව සංවිධානයක් සකස් කිරීමට තැත් කිරීම බව සඳහන්ය.

මහා භාරකාර දෙපාර්තමේන්තුව ජනපති යටතට

දැනට අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ පවත්නා මහා භාරකාර දෙපාර්තමේන්තුව ජනාධිපති කාර්යාලය යටතට පවරා ගැනීමට රජය තීරණය කර ඇත. එහි කටයුතු ජනාධිපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ සිදුකිරීමටත් මහා භාරකාරවරයාට උපදෙස් දීමට විශේෂ උපදේශක මණ්ඩලයක් පත් කිරීමටත් තීන්දු කර ඇති බවද වාර්තා වෙයි.

කුලපතිවරුනට ඩිප්ලොමැටික් පාස්පෝට්

මෙරට විශ්වවිද්‍යාලවල කුලපතිවරුන්ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ලබාදීමට රජය තීන්දුකර ඇත. කුලපති තනතුරු දරන විද්වතුන් විසින් ඉටුකරන ගරු සේවය සලකා මෙම තීරණය ගත් බව වැඩිදුරටත් සඳහන් වෙයි.