2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා

රෝගීන් 40% කින් මරණ 30%කින් පහතට

 2021 සැප්තැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 0

I ගයාන් ගාල්ලගේ

ඉකුත් සතිය හා සසඳන විට කොවිඩ් රෝගීන් සියයට 40 කින් හා මරණ සංඛ්‍යාව සියයට 30 කින් අඩුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් රෝග පාලන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි දේශයට පැවසීය.

මෙයට ප්‍රධානම හේතුව වන්නේ එන්නත්කරණය සහ ජනතාවගේ ස්වයං විනය බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය සතියේ රෝගීන් වාර්තාවීම හා සසඳන විට රෝගීන් වාර්තා වීම 5,500කින් පමණ අඩුවී ඇති බවද, පසුගිය සතියේ 1056ක තිබූ මරණ සංඛ්‍යාව මේ සතියේ 829 දක්වා පහළ වැටී ඇති බවද ඒ මහතා කීය.