2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

රටට අවශ්‍ය මේ ජාතියෙ ආණ්ඩුවක් නොවේ - ජවිපෙ

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 12

I ගයාන් ගාල්ලගේ

රට වැටී තිබෙන වළෙන් ගොඩ ඒමට ජනතාවට අවශ්‍ය වන්නේ තවත් මෙවැනිම ආණ්ඩුවක් නොව දේශපාලන ක්‍රමයේ වෙනසක් බව දේශපාලඥයන් තේරුම් ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා දේශයට පැවසීය.

එහෙත් එය හරියට වටහා නොගත් ඇතැම් නායකයන් රෑට හීන දැක දවල්ට ආණ්ඩු පෙරළන්න යාම විහිළුවක් බවත් හෙතෙම සඳහන් කළේය.

මේ පවතින දේශපාලන ක්‍රමයත් ආර්ථික ක්‍රමයත් වෙනස් කිරීම සඳහා ජනතාවගේ වෙනසක් අවශ්‍ය බවත් මේ වනවිට ජනතාව වෙනස් වෙමින් සිටින බව රටේ සියලු දේශපාලනඥයන් දැනගත යුතු බවත් හෙතෙම පැවසීය.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01