2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ඡන්ද අල්ලසට එරෙහිව පැෆරල් සටනට!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

ඉදිරියේ පැවැත්වෙන සියලු මැතිවරණවලදී ඡන්දදායකයන්ට අල්ලස් දීම වළක්වාලීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්  මහජන නියෝජිතයන්, දේශපාලන පක්ෂ හා විවිධ සිවිල් ක්‍රියාකාරිකයන් සමඟ සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගැනීමටත්, ජනතාව දැනුම්වත් කිරීමටත් වැඩපිළිවෙළක් සකස් කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දේශයට ප්‍රකාශ කළේය.

මැතිවරණ කාලසීමාවේදී විවිධ භාණ්ඩ හා සේවා අල්ලස් ලෙස ලබා දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මොණරාගල දිස්ත්‍රික්කයේ මදුරුකැටිය ඡන්ද කොට්ඨාශයෙන් 2018 වසරේ ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරංග හර්ෂණ දිසානායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමටත්, ඊළඟට වැඩිම මනාප ලබාගෙන ඇති අපේක්ෂකයා මන්ත්‍රී ධුරයට පත් කිරීමටත් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මොණරාගල සිදුවීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයට කළින්ම පැමිණිලි කිහිපයක් ලැබී තිබූ අතර ඔවුහු ඒවා මැතිවරණ කොමිසමටත් දැනුම් දීමට පියවර ගත්හ මෙම ක්‍රියාවට රාජ්‍ය ආයතන සම්බන්ධ වී තිබූ බැවින් තොරතුරු දැනගැනීමේ පනත අනුව අදාළ ආයතනවලින් තොරතුරු ලබාගෙන සාක්ෂි සහිතව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට අගතියට පත් පාර්ශ්වයට හැකි විය. ආයතනික වශයෙන් පැෆරල් සංවිධානය මගින් නඩු පැවරිය නොහැකි වූ හෙයින් පරාජය වූ අපේක්ෂයා විසින් මෙම නඩුව ගොනු කරනු ලැබිණි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01