2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

චීනයට හරස් වන තුන්කොන් ගිවිසුමක්!

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 43

චීනයට අනතුරු ඇඟවීමේ උත්සාහයක් ලෙස විචාරකයින් හඳුන්වාදී ඇති නව ආරක්‍ෂක ගිවිසුමකට ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එක්ව ඇත. මෙය චීනයට හරස්වන  තුන්කොන් ගිවිසුමක් ලෙස දැනටමත් මාධ්‍ය තුළ හඳුන්වා දී තිබේ.

ඉන්දු - පැසිෆික් කලාපයේ වර්ධනය වන චීන බලය සහ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මෙම රටවල් අප්‍රසාදයෙන් පසුවීම නව ආරක්ෂක ගිවිසුමට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත. ‘ඕකස්’ ලෙස නම්කර ඇති මෙම ආරක්‍ෂක ගිවිසුම මගින් කෘත්‍රිම බුද්ධිය, ක්වොන්ටම් තාක්‍ෂණය හා සයිබර් අවකාශය ආවරණය වන පරිදි සමූහ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්වූ මෙම විශේෂ ආරක්‍ෂක ගිවිසුම අනුව ඕස්ට්‍රේලියාවට අලුතින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇත. එසේ සිදුවුවහොත්  ඕස්ට්‍රේලියාවට එම අවස්ථාව හිමිවන පළමු අවස්ථාව මෙයයි. 

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01