2021 ජුනි 19 වන සෙනසුරාදා

විශ්වාසභංග යෝජනා පෝලිමක්

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 16

- රන්ජිත් මද්දුමබණ්ඩාර

 

I දේශපාලන වාර්තාකරු

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා පෝලිමක් ගෙන එන බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.

එහි ආරම්භය ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාස භංගය බව පැවසූ ලේකම්වරයා ඉන් අනතුරුව රසායනික පොහොර තහනමට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට නියමිත බවද ප්‍රකාශ කළේය.

ඒ ආකාරයට ඉදිරි සති කිහිපය තුළ රජයට එරෙහිව විශ්වාසභංග යෝජනා පෝලිමක් ගෙන එන බව පැවසූ හෙතෙම ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය ලබන සඳුදා 21දා කතානායකවරයාට භාරදෙන වගද පැවසීය.