2021 ජුනි 19 වන සෙනසුරාදා

ශ්‍රී.ල.නි.පය කඩිනමින් ස්වාධීන නොවෙයිලූ

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 25

දේශපාලන වාර්තාකරු |

මේ වන විට රජය සමඟ සන්ධානගතව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවර තත්ත්වයක් යටතේවත් ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමේ තීරණය කඩිනමින් නොගත යුතු බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

 පසුගියදා හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් දී ඇත්තේ වත්මන් රජය සමඟ ක්‍රියා කරන ශ්‍රී.ල.නි.ප. අමාත්‍යවරුන් දෙදෙනකු පෞද්ගලිකව සිය නිවසට කැඳවීමෙන් පසුව බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
එවන් හදිසි තීරණයක අතුරු ප්‍රතිඵල අහිතකර විය හැකි බවද එම අමාත්‍යවරුනට පවසා ඇති හිටපු ජනාධිපතිවරයා ඒ ගැන නීතිමය විග්‍රහයක්ද කර ඇතැයි දැනගන්නට තිබේ.