2021 ජුනි 19 වන සෙනසුරාදා

කොළඹට සීයයට 10ක් වාහන එන්නේ නිකම්

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 14

I ගයාන් ගාල්ලගේ

කොළඹ නගරයට පැමිණෙන වාහන වලින් 10 ක් පමණ කිසිදු අත්‍යවශ්‍යතාවයකින් තොරව දෛනිකව පැමිණෙන වාහන වශයෙන් හඳුනාගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දේශයට පැවසීය.අනෙකුත් සියලුම වාහන අවසරපත් සහ අත්‍යවශ්‍ය සේවා ලෙස කොළඹට පැමිණෙන වාහන බව හෙතෙම සඳහන් කළේය. 

කෙසේ වෙතත් කොළඹ නගරයේ ආයතන, වැඩපොළ, සේවා සැපයීම් ස්ථාන ආදී සියල්ල විවෘතව ඇති නිසා දෛනිකව කොළඹට පැමිණෙන වාහන ඉහළ ගොස් ඇති බවද හෙතෙම කීය.