2021 ජුනි 19 වන සෙනසුරාදා

කොවිඩ් මුළුමනින්ම තුරන් කළ රටවල් 14ක්

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 473

I සුගත් පී. කුලතුංගආරච්චි
ලෝකයේ රටවල් සහ ස්වාධීන රාජ්‍ය 220ක් මේ වනවිට මුළුමනින්ම කොවිඩ් 19 මාරකයට බිලිවී හමාරය. ඒ අතරේ රටවල් 14ක් මුළුමණින්ම සිය රටවලින් කොවිඩ් කම්මුතු කර දැමීමට සමත්ව තිබේ.

ඒ අතර කොවිඩ් මරණ කිසිවක්ම වසංගතය පැතිර ගිය මේ සමස්ත කාලය තුළම  වාර්තා නොවූ වාසනාවන්ත රටවල් 14ක්ද ලෝකයේ දක්නට ලැබේ. බටහිර පැසිපික් දූපත් 600කින් සමන්විත මයික්‍රොනීසියාව මේ වාසනාවන්තයන් අතර මුල්තැන ගත් රාජ්‍යයයි. ඒ වෙතින් මෙතෙක් වාර්තා වී ඇත්තේ සුවය ලැබූ  එක් ආසාදිතයෙකි. සුවය ලැබූ ආසාදිතයන් දෙදෙනෙක් පමණක් මෙතෙක් වාර්තාවූ දූපත් රාජ්‍යය ශාන්ත හෙලේනාවයි. ආසාදිතයන් තිදෙනෙක් පමණක් මෙතෙක් හමුව ඇති සහ ඔවුන් තිදෙනාම සුවය ලබා ඇති දූපත් රාජ්ජය සැමෝවාවයි. මේ වනවිට සුවය ලද ආසාදිතයන් හතරක් පමණක් හමුවූ මාර්ෂල් දූපත්ද මරණ කිසිවක් වාර්තා නොවූ වාසනාවන්ත රාජ්‍යයකි. සොලොමන් දූපත්, ෆෝක්ලන්ත දූපත්, ග්‍රෙනේඩාව, ඇන්ග්‍යූලීයාව සහ වතිකානුවද මරණ රහිතව වසංගතය පාලනය කරගත් රටවල් අතර ප්‍රමූඛයෝය.