2021 ජුනි 12 වන සෙනසුරාදා

චම්පිකගේ ප්‍රකාශය ගැන අහන්න මද්දුමබණ්ඩාර චම්පික හමුවක්

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:01 472

බත්තරමුල්ලේ පිහිටි රණවක අමාත්‍යවරයාගේ නිවසේදී සිදුවූ මෙම හමුවේදී රණවක මහතා කරන ලද ප්‍රකාශය ගැන ඔහුගෙන් විමසා ඇති අතර සමගි ජනබලවේගයේ සාමාජිකත්වය රැගෙන පක්ෂයට එක්වන ලෙස මහලේකම් මද්දුමබණ්ඩාර මහතා පවසා තිබේ. විවිධ ප්‍රකාහ නිකුත් කිරීම පක්ෂයේ එකමුතුකමට බාධාකාරීව බලපාන බවද කියා ඇත.

මෙම සිද්ධිය අලලා විවිධ මාධ්‍ය අර්ථකථන දී ඇති බවත් එය යහපත් නොවන බවත් මෙහිදී රණවක මහතා කියා ඇත. ඊට පිළිතුරු ලෙස මහලේකම් රන්ජිත් මද්දුමබණ්ාර මහතා පැවසුවේ මාධ්‍යවල පලවන මතය පක්ෂ මතය නොවන බවය.
හිටපු අමාත්‍ය රණවක පසුගියදා මාධ්‍ය හමුවක් තබමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම අනුව ඔහුගේ අනාගතය තීරණය වනු ඇතැයි යනුවෙන් කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්විය.