2021 ජුනි 05 වන සෙනසුරාදා

වසංගත රෝග ලොක්කා ඉවතට?

 2021 ජුනි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 897

I දේශපාලන වාර්තාකරු

වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එම තනතුරින් ඉවත්කොට වෙනත් ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විශේෂඥවරයෙක් එම තනතුරට පත් කිරීමට රජය තීන්දුකර ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය සමරවීර මහතා එම තනතුරින් ඉවත්කළද ඔහුගේ ජ්‍යෙෂ්ඨතාවට ගැලපෙන වෙනත් සුදුසු තනතුරක පිහිටුවීමටද ඒ සමඟ තීන්දු කර තිබේ.

රජයේ වසංගත රෝග විද්‍යා අංශය කොවිඩ් මර්දනය සඳහා මෙතෙක් කරන ලද බොහෝ නිර්දේශ හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හා විශේෂඥ වෛද්‍යවරැන් ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යංශයට හා ජනාධිපති කාර්යාලයට කරුණු දක්වා තිබිණි. ඒ අනුව කළ මූලික විමර්ශනයකින් පසුව මෙම තීරණය ගත් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01