2023 මාර්තු 12 වන ඉරිදා

ඉන්ධන මිල බසී?

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:02 174

සංජීවිකා සමරතුංග I

ලබන මාසයේදී ඉන්ධන මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි. ඩොලරයේ වටිනාකම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට පිරිනැමීම සඳහා මෙම අඩු කිරීම සිදු කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

ඩොලරය අවප්‍රමාණය වීමට අමතරව සිංගප්පූරු ඉන්ධන වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහළ යාමද තෙල් මිල අඩු කිරීමට හේතු වන බව වැඩිදුරටත් සඳහන්ය.

ඒ අනුව අප්‍රේල් මස මුල් සතිය වනවිට මෙම මිල අඩු කිරීම ප්‍රකාශ කරනු ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් එහි ප්‍රතිශතය කොපමණදැයි මෙතෙක් තීරණය කර නැත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01