2023 ජනවාරි 22 වන ඉරිදා

මහජන උපයෝගීතා සභාපති ඉවතට! ආණ්ඩුවෙන් යෝජනාවක්

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 328

දේශපාලන වාර්තාකරු I

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සූදානම් වන බව දේශයට වාර්තා වෙයි.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විදුලිය ගාස්තු වැඩි කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා සහ විදුලිබල අමාත්‍යවරයා මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දී තිබේ.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සිදු නොවන්නේ නම් ඉදිරියේදී පැය 5කට වැඩි කාලයක් දිනපතා විදුලිය කප්පාදු කිරීමට සිදුවන බවද විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. එහිදී මන්ත්‍රීවරුන් බහුතරයක් ප්‍රකාශ කර ඇත්තේ කිසිසේත්ම විදුලිය කප්පාදුව දීර්ඝ නොකරන ලෙසයි.

මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉඩ ලබා නොදෙන්නේ නම් ඔහු එම තනතුරින් ඉවත් කිරීමට මැතිසබයට බලය ඇති බව එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා මන්ත්‍රී කණ්ඩායමට දැන්වූහ. ජනාධිපතිවරයාට එම කටයුත්ත කළ නොහැකි බැවින් මන්ත්‍රී කණ්ඩායම ඒ ගැන ක්‍රියාත්මක විය යුතු බවද ඔවුහු මන්ත්‍රීන්ට කීහ. ඒ අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා ඊට අදාළ යෝජනාව කෙටුම්පත් කොට මන්ත්‍රීන්ගේ අත්සන් ලබාගෙන මැතිසබයට ඉදිරිපත් කිරීමේ වගකීම භාරගත් බවද දේශයට වාර්තා විය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01