2022 නොවැම්බර් 21 වන සඳුදා

හිටපු කතානායක කරු ජයසූරියගෙන් පැහැදිලි කිරීමක්

 2022 නොවැම්බර් 21 වන සඳුදා, පෙ.ව. 10:18 121

පසුගිය ඉරිදා දේශය පුවත්පතේ 05 වැනි පිටුවේ හරීන්ලා ඇමැතිකම් අතහැර හදන්න යන සන්ධානය නමින් පළවූ ලිපියේ අන්තර්ගත කරුණු දෝෂ සහගත යැයි හිටපු කතානායක කරු ජයසූරිය මහතා අප වෙත දැනුම් දී ඇත.

තමන් සභාපතිත්වය දරන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන බලය ඉලක්ක කරගෙන ක්‍රියා කරන සංවිධානයක් නොවන බවත් එම සංවිධානය මෙම ලිපියේ නම් ස‍ඳහන් කිසිදු දේශපාලනඥයකු සමග එක්ව සන්ධානගත වීමේ අදහසක් නැති බවත් කරු ජයසූරිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.