2022 මැයි 08 වන ඉරිදා

විශ්වාසභංගය න්‍යාය පත්‍රයට - කතානායක

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:04 164

I දේශපාලන වාර්තාකරු

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව මැතිසබා න්‍යාය පත්‍රයට පසුගිය සිකුරාදා ඇතුළත් කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.

එහෙත් ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙහි නීත්‍යානුකූල බව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට එය නීතිපතිවරයා වෙත යොමුකළ බවද ඔහු සඳහන් කළේය.

දැනට න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති විශ්වාසභංගය ස්ථාවර නියෝග අනුව දින 5කට පසුව පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සභාවේදී විවාදයට ගත හැකිය. ඒ අනුව ඉදිරියේ පාර්ලිමේන්තුව රැස්වන මැයි මස 17 වැනි අඟහරැවාදා එය විවාදයට ගත හැකි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01