2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

රාජ්‍ය ආයතන 40ක ලොක්කෝ දොට්ට?

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 663

I දේශපාලන වාර්තාකරු

ලබන වසරේ රාජ්‍ය පාලනයේ ප්‍රබල වෙනස්කම් රැසක් සිදුකෙරෙනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. ඒ අනුව පසුගිය වසර දෙකක කාලය තුළ තමන්ට ලබා දුන් ඉලක්ක සම්පූර්ණ නොකළ රාජ්‍ය ආයතන 40ක පමණ ප්‍රධානීන් ඉවත්කොට නව ප්‍රධානීන් පත් කෙරෙනු ඇතැයි සඳහන්ය. රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා අධිකාරීන් ගණනාවක් මේ අතර වන බව වාර්තා වෙයි.

එසේම අමාත්‍යංශ ලේකම්වරුන් ගණනාවක්ද වෙනස් කිරීමට නියමිතය. දැනටමත් එම කටයුතු ආරම්භ කර තිබේ. මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් සමඟ තමන්ට රාජකාරි කළ නොහැකි බව අමාත්‍යවරුන් ගණනාවක් රජයට පැමිණිලි කර ඇත. මෙයින් අමාත්‍යංශ තුනක ලේකම්වරැන් සම්බන්ධව විෂය භාර ඇමැතිවරුන් දැඩි විරෝධය පළ කර ඇතැයි ද වාර්තා වෙයි.

මෙම සියලු තත්ත්වයන් සලකා බලා අදාළ නිලධරයන්ගේ කාර්යසාධනය ද සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් අවශ්‍ය වෙනස්කම් කිරීම සිදුකරනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.