2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

ආචාර්ය පී බී ඉවත් වෙයි?

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:03 402

දේශපාලන වාර්තාකරු l

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් යොමුකර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ජනාධිපති ලේකම් ධුරය සීමිත කාලයක් දැරීමේ එකඟතාව මත එම තනතුරට පත්වූ ඔහු මේ වනවිට වසර දෙකක් ජනාධිපති ලේකම් ධුරය දරා ඇත. එම කාලයේ තමන්ට මුහුණ දීමට සිදුවූ දුෂ්කරතා හා ගැටලු ගැනද ඔහු සිය ලිපිය මගින් ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇතැයි වාර්තා වෙයි.

ජනාධිපතිතුමාගෙන් ඔහු වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ එතුමාගේ අභිමතය පරිදි 2022 ජනවාරි මස 31දා සිට තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවසර පතන බවය. මෙම කරුණ ගැන ආචාර්ය ජයසුන්දර මහතාගේ මතය විමසීමට දේශය ඔහු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ජනාධිපති ලේකම්වරයා අප වෙත කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01