2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

රට වැහුෙවාත් පඩියටත් තට්ටු වේවි! - හේමන්ත හේරත්

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:03 232

I සුගත් පී. කුලතුංගආරච්චි

කොවිඩ් ආසාදිතයන් මේ අන්දමට ඉහළ ගියහොත් ඉදිරියේදී මාස් පඩිය ගෙවීමක් එකත් අසීරු වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු අඟවමින් දේශයට පැවසීය.

මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම හොඳම පියවර ලෙස පෙනී ගියත්, සමහරු එසේ කරන ලෙස කීවත්, එය තව තවත් ආර්ථික ආගාධයට රට ඇද දැමීමක් වනු ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි. මේ සමහරු රට වැසුවත් අපට පඩි ලැබෙනවා යැයි සිතා කටයුතු කරන ආකාරයක් පෙනී යන අතර තවත් අය රට වසාදැමීමම අරමුණු කරගත් ක්‍රියාකාරීත්වයන් මගින් ජනරාශි ඇතිකරන බවත්, ඒවායේ අහිතකර බලපෑම එල්ල වන්නේ සමස්ත සාමාන්‍ය ජනතාව වෙතටම බවත් ඒ මහතා පෙන්වා දෙයි. මේ නිසා දැනට පනවා ඇති සංචරණ නිදහස අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් බුද්ධිමත්ව භාවිත කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ආරක්ෂාව සලසා ගතයුතු බවත් නැතහොත් නුදුරු දිනෙකම පවතින ආර්ථික ඇද වැටීම හේතුවෙන් මාසික ආදායමත් අහිමි වන තැනට පත්විය හැකි බවත් ඒ මහතා කියයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01