2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

සිමෙන්ති, ගෑස්, යකඩ, ගල්අඟුරු ගෙන්වීමට අලුත් ක්‍රමයක් - මහ බැංකු අධිපති

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 300

I ව්‍යාපාරික වාර්තාකරු

සිමෙන්ති, ගෑස්, යකඩ සහ ගල්අඟුරු ආනයනය සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට අවශ්‍ය නව ක්‍රමවේදයක් අදාළ ආනයනකරුවන්ට මේ සතියේ හඳුන්වා දුන් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පැවසීය.

මාස 6කට බලපවත්වන ණයවර ලිපි සහ මාස 9කට බලපවත්වන ණයවර ලිපි ඒ අනුව විවෘත කරන ලෙස වාණිජ බැංකුවලටද උපදෙස් නිකුත් කර ඇතැයි කබ්රාල් මහතා වැඩිදුරටත් කීය.

පසුගිය දිනවල සිමෙන්ති, ගෑස්, යකඩ සහ ගල්අඟුරුවල හිඟයක් හටගත් බැවින් මෙම ක්‍රමය හඳුන්වා දුන් බව කී අධිපතිවරයා පවත්නා ඩොලර් ප්‍රශ්න විසඳීමට මහ බැංකුව ඍජුවම මැදිහත් වෙමින් සිටින වගද ප්‍රකාශ කළේය.