2021 ජුලි 17 වන සෙනසුරාදා

ඉන්නවද? යනවද? ජනපති හමුවෙන් පසු ශ්‍රීලනිපයෙන් තීන්දුවක්

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 137

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රීලනිප තීරණය ලබන 21 වැනිදා ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සහ එම පක්ෂයෙ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.

ආණ්ඩුව සම්බන්ධයෙන් ශ්‍රිලනිපය ගතයුතු විවිධ යෝජනා රැසක් මධ්‍යම කාරක සභාවට දැනටමත් යෝජනා කර ඇති බවත් එම යෝජනා සම්බන්ධයෙන් අවසන් නිගමනය ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවෙන් ඉවත්වීම, ආණ්ඩුව සමඟ එක්ව ඉදිරියට යාම, ඉදිරි මැතිවරණවලදී තනිව තරග කිරීම ඇතුළු යෝජනා කිහිපයක් ඉදිරිපත්වී ඇතැයි දැනගන්නට ඇත.