2021 ජුනි 12 වන සෙනසුරාදා

සංචරණ සීමා තවත් දික්වෙයි

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 371

දේශපාලන වාර්තාකරු l

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි මස 21 සඳුදා දක්වා දීර්ඝ කෙරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. වෛද්‍ය සංගම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවාවට සම්බන්ධ සංවිධාන ගණනාවක් කරන ලද ඉල්ලීම් අනුව මෙම තීරණය ගැනීමට නියමිත බව අප වෙත කරුණු දැක්වූ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ පිළිබඳ අවසන් තීරණය ලබන 10දා ප්‍රකාශයට පත්කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.