2021 ජුනි 05 වන සෙනසුරාදා

ගෑස් - කිරිපිටි - චිකන් - සිමෙන්ති ගණන් නග්ගන්න අවසර ඉල්ලයි

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:01 488

I ව්‍යාපාරික වාර්තාකරු

පවත්නා වෙළෙඳපොළ තත්ත්වයන් යටතේ ගෑස්, කිරිපිටි, සිමෙන්ති හා කුකුළු මස් මිල ගණන් ඉහළ නැංවීම සඳහා ඒවා නිපදවන සහ ආනයනය කරන සමාගම් පාරිභෝගික අධිකාරියෙන් අවසර ඉල්ලා ඇතැයි වෙළෙඳ අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

මේ මිල වැඩි කිරීඹට හේතු ලෙස අදාළ සමාගම් දක්වා ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන වියදම ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය නිසා මිල ඉහළ යාම, සැපයුම අඩුවීම, ප්‍රවාහන වියදම් වැඩිවීම, කන්ටේනර් ගාස්තු ඉහළ යාම හා ප්‍රවාහනය සඳහා නැව් හිඟය ඇතුළු කාරණා ගණනාවකි. එහෙත් මෙම ඉල්ලීම් ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නැත. මෙම ද්‍රව්‍ය සියල්ලම රජයේ මිල පාලනයට යටත් නිසා රජයේ අවසරයෙන් තොරව මිල ඉහළ දැමිය නොහැක.