2021 මැයි 22 වන සෙනසුරාදා

පොර්ට්සිටි ඡන්දයට මැති ඇමැති 9ක් නැහැ

 2021 මැයි 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 609

දේශපාලන වාර්තාකරු l

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීන් නව දෙනකු පෝට්සිටි පනත අවසන් වර කියවීමේ අවස්ථාවේදී මැතිසබයට පැමිණ සිටියේ නැත. මහින්ද සමරසිංහ මහතා විදේශගතව සිටි බැවින් නොපැමිණියේය. විජයදාස රාජපක්ෂ මහතා ද පැමිණ නොසිටියේය. එම් රාමේෂ්වරන්, නසීර් අහමඩ්, ෆයිසාල් කසීම්, එම්.එස්. තවුෆික්, එම්.එච්.එම්. ගාසිර් හා එස්.එම්.එම්. මුෂාරෆ් යන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරැන්ද පැමිණ සිටියේ නැත.

මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ පොහොට්ටුවේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙහිදී රජයට මැති සබයේ ඡන්ද 150 අහිමි වූ ආකාරය ගැන පරීක්ෂණයක් කරන ලෙසයි. පනත පිළිබද තෙවැනි වර ඡන්ද විමසීමේදී නිසි පරිදි ගණනය සිදුවී ඇති නමුත් දෙවැනි වර ඡන්ද විමසීමේදී රජය සමඟ ඡන්දය දුන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා තෙවැනි වර ඡන්දය විමසීමේදී සභා ගැබින් ඉවත්ව සිටි නිසා මන්ත්‍රීවරු 149 ක් බවට පත්වූ බව ඔවුහු පවසති. කෙසේ වෙතත් නිසි ලෙස දෙවැනි වර ඡන්දය සිදුවූයේ නම් රජයට ඡන්ද 150 සංඛ්‍යාවක් හෙවත් මැතිසබය 2/3ක බහුතරයක් හිමිවිය යුතු බව ඔව්හු සඳහන් කරති.

මේ පිළිබඳව ඡන්ද ගණනය කිරීම බාරව ක්‍රියාකළ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසානායක මහතාගෙන් දේශය විමසුමක් කළේය. එහිදී මහලේකම්වරයා ප්‍රකාශ කළේ දෙවැනි වර ඡන්ද 148 ක් ලෙසත් තුන්වැනි වර 149 ලෙසත් සටහන් වූ බවය. එම ගැටලුව තම පාර්ශවයෙන්ද නැතිනම් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඇතිවූ ගැටලුවක්ද යන්න නොදන්නා බවය. යම් හෙයකින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලුවොතින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද හෙතෙම සඳහන් කර සිටියේය.