2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

කොරෝනා මඬින්න දලයි ලාමාගෙන් මන්තරයක්

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 334

I දේශපාලන වාර්තාකරු

ටිබෙටයේ බෞද්ධාගමික අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමා තුමන් විසින් (කොරෝනා) මාරක වසංගතයෙන් බේරීම සඳහා සුදුසු විශේෂ මන්ත්‍රයක් දේශනා කර ඇත. “චන්ද්‍රතාරා මන්ත්‍රය” යනුවෙන් නම්කර තිබෙන මෙම ගාථා පාඨය සජ්ඣායනයෙන් කොරෝනා හෙවත් කිරීටක වෛරස රෝගය බෝවීමෙන් වැළකී සිටීමට හැකි බව දලයි ලාමා තුමන් ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ඉන්දියාවේ පළවන සුප්‍රකට (දිනමලර්) පුවත්පත වාර්තාවක් පළකර තිබුණේ සම්පූර්ණ විස්තර ඇතිවය. (ටිබෙට්) රටෙන් පිටුවහල් වී දැනට ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ හිමාචාල්හි (හිමාලය කඳු පාමුල) ධර්මශාලා නම් ආශ්‍රමයක වෙසෙන අධ්‍යාත්මික නායක දලයි ලාමා තුමන්ගෙන් කොරෝනා වසංගතයෙන් මිදීමට ක්‍රමයක් සම්පාදනය කරන ලෙස ෆේස්බුක් මගින් ඉල්ලා තිබුණේ චීනයේ කොරෝනා අනතුරට මුහුණ දී සිටින භික්ෂු පිරිසකි.

ඊට ප්‍රතිචාර දැක්වූ දලයි ලාමා තුමා මෙම වෛරසයට ගොදුරුවූවන්ට “ඕම් ටාරේ දුටාරේ ඩුරේ සෝහා” යන මන්ත්‍රය පුනරුච්ඡාරණය කිරීමෙන් මෙම රෝගයෙන් මිදිය හැකි බව ප්‍රකාශ කළේය. එම මන්ත්‍රය පූර්ණ විශ්වාසයෙන් යුතුව නිසි අක්ෂර වින්‍යාසය සහිතව සජ්ඣායනා කළහොත් කොරෝනා පැතිරීම පාලනය වී මේ භයානක විපතින් අත්මිදිය හැකි යැයි දලයි ලාමා තුමන් වැඩිදුරටත් කියා තිබිණි.