2017 ජුලි 15 වන සෙනසුරාදා

ගෑස් බලාගාර ටෙන්ඩරය යට අණ්ඩරයක් මාට්ටු

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:59 295


යෝජිත කෙරවළපිටිය ගෑස් බලාගාරය ඉදිකිරීම සඳහා සුදුසු අයැදුම්කරුවන් තෝරාගැනීමේදී සම්මත නීතිමය පටිපාටි උල්ලංඝනය කොට එක් අයැදුම්කරුවකු තෝරාගැනීම ගැන රජයේ ආර්ථික කමිටුව අදාළ ටෙන්ඩර් මණ්ඩලයට දැඩි ලෙස අවවාද කළේය.

 

කෙරවළපිටිය ඉදිකිරීමට සැලැසුම්කර තිබෙන ද්‍රවගෑස් (L.N.G.) බලාගාරය සඳහා ටෙන්ඩර ඉදිරිපත් කර තිබූ අයැදුම්කරුවන් අතරින් අවසන් වටයට තෝරාගත් හය දෙනාගෙන් පස් දෙනකුම නීතියට පටහැනි ලෙස ඉවත්කොට එක් සමාගමක් තෝරාගැනීමේ පදනම කුමක්දැයි රජයේ ආර්ථික කමිටුව ටෙන්ඩර් මණ්ඩලයෙන් ප්‍රශ්නකර තිබේ. එම අවස්ථාවට සහභාගි වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා එහිදී සඳහන් කර තිබුණේ වරදක් සිදුව ඇත්නම් මෙම ටෙන්ඩරය අවලංගු කරන බවය.

I දේශපාලන වාර්තාකරු