2017 මැයි 13 වන සෙනසුරාදා

ජනපතිගෙන් අනතුරු අැඟවීමක්

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1050


පක්ෂ දෙකක් ආණ්ඩු කරනවිට එක් පක්ෂයක ඇමැතිවරුන් අනෙක් හවුල්කාර පක්ෂයේ කැබිනට් සගයන්ට ප්‍රසිද්ධියේ චෝදනා නගන්නට යාමෙන් ඇමැති මණ්ඩල වර්ජනයක් ඇතිවිය හැකි බවට ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට අනතුරු ඇඟවීය.

පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම නිසා ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් කැබිනට්ටුව වර්ජනය කරන බව තමන්ට දැන්වූ බවත් තමන් එම තත්ත්වය පාලනය කරගත්තේ දැඩි අපහසුවෙන් බවත් ජනපතිවරයා අමාත්‍යවරුන්ට පෙන්වා දී ඇත. මින් ඉදිරියට එබඳු කතා සිදුවුවහොත් තත්ත්වය බරපතළ විය හැකි බැවින් සංයමයෙන් කතා කළ යුතු යැයි ජනාධිපතිවරයා දැඩි ලෙස අවධාරණය කර ඇත.

I දේශපාලන වාර්තාකරු