2017 මැයි 06 වන සෙනසුරාදා

රාජිතගේ පට්ටම ගැලවේ

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1376


ගයාන් ගාල්ලගේ l

සම්මුතිවාදී ආණ්ඩුව තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් ඉවත් කළ යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැ පිරිසක් ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් පැමිණිලි කිරීමට සැරසෙන බව නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇමැති පිරිසකගේ සහයෝගය ලබාගැනීම සඳහා මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. 

මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා ජෝන් සෙනෙවිරත්න අමාත්‍යවරයාට බැණවැදීමේ සිද්ධියකි. කෙසේ වෙතත් රාජිත අමාත්‍යවරයා පසුගිය කාලය පුරාවට ආණ්ඩුවේ පුද්ගලයන් සහ ආණ්ඩුවේ තීන්දු තීරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ හේතුවෙන් සම්මුතිවාදී ආණ්ඩුව ගැටලු සහගත තැනකට තල්ලුවන බවට සමාජයට පෙනී ගොස් ඇති නිසා ඔහු මාධ්‍ය ප්‍රකාශකකමට සුදුසු නොමැති බවට ශ්‍රීලනිප අමාත්‍යවරුන් යෝජනා කිරීමට අපේක්ෂා කරන බව කියැවේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  කිහිපවිටක් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තත් එය සාර්ථක වූයේ නැත.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00