2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා

අැමැති කරණම් 4ක් (2ක් යූ.එන්.පියට / 2ක් ඒකාබද්දෙට)

 2017 අප්‍රේල් 13 වන බ්‍රහස්පතින්දා, පෙ.ව. 06:00 1402

දේශපාලන වාර්තාකරු l

දැනට එ.ජා.පයේ සාමාජිකයන් නොවන රජයේ ඇමැතිවරුන් දෙදෙනකු ළඟදීම එ.ජා.පයට එක්වීමට නියමිත බව විශ්වාස කටයුතු ඉහළ පෙළේ ආරංචිමාර්ග කියයි. එසේම රජයේ තවත් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් දෙදෙනකු ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්වීමට අවශ්‍ය මූලික එකඟතා ඇතිකරගෙන ඇතැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඉක්මනින් එ.ජා.ප සාමාජිකත්වය ගැනීමට නියමිත අමාත්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු වත්මන් රජය බලයට පත්කිරීම සඳහා මුලින්ම රාජපක්ෂ රජයෙන් ඉවත් වූ කෙනෙකි. ඔහු කොළඹට ආසන්න දිස්ත්‍රික්කයන් නියෝජනය කරයි. සෙසු ඇමැතිවරයා පසුගිය මහ මැතිවරණයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ අයෙකි. ඔහු නියෝජනය කරන්නේ ඌව පළාතේ දුෂ්කර දිස්ත්‍රික්කයකි.

අප වෙත වාර්තා වූ තොරතුරු අනුව රජයෙන් ඒකාබද්ධ විපක්ෂයට යාමට සූදානම් වි සිටින දෙදෙනාගෙන් එක් අමාත්‍යවරයෙක් පසුගිය රජය කාලයේදීත් කැබිනට් අමාත්‍ය පදවියක් දැරෑ ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකි. ඔහු පක්ෂයේ මුල්පෙළේ තනතුරක් දරන්නෙකි. ඔහු ළඟදී පළාත් සභා මැතිවරණ පැවැත්වෙන පළාතක් නියෝජනය කරයි. පක්ෂ මාරුවට සැරසෙන අනික් අමාත්‍යවරයා එ.ජා.පය නියෝජනය කරයි. ඔහු කලකට පෙර ශ්‍රී.ල.නි.පයේ සිට එ.ජා.ප.යට පැමිණ ප්‍රකට වෘත්තිකයකු බව සඳහන් වෙයි.

දැනටමත් මෙම පක්ෂ මාරු කතා ගැන මූලික එකඟතා ඇතිකරගෙන හමාරය. අදාළ ඇමැතිවරුන් ඉදිරියේදී සිය තීරණ ප්‍රකාශ කරනු ඇතැයි සඳහන්වෙයි.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00