2017 මාර්තු 18 වන සෙනසුරාදා

අැමැති පදවි තුනකට උග්‍ර සටනක්

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 544

ජනපති-අගමැති රහස් සාකච්ඡාවක


යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී වෙනස් වෙතැයි අපේක්ෂා කරන ප්‍රධාන පෙළේ අමාත්‍ය පදවි තුනකට ආණ්ඩුව අභ්‍යන්තරයේ ලොකු සටනක් හටගෙන ඇතැයි වාර්තා වේ.  හටගෙන තිබෙන අර්බුදකාරී ප්‍රශ්න සමථයකට පත්කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති  රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිකුරාදා දහවල් විශේෂ සාකච්ඡාවක නිරත විය. 

අතිශය රහසිගත මෙම සාකච්ඡාවට අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය සරත් අමුණුගම, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනද එක් වූහ.

දේශයට වාර්තාවන ආකාරයට අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇත්තේ‍ මුදල් - විදේශ සහ මහාමාර්ග අමාත්‍ය පදවි වෙනුවෙනි. මෙම අමාත්‍යංශ තුනේ ඇමැතිවරුන් වෙනස් වීමට නියමිත බවට රජයේ ජ්‍යෙෂ්ඨ නායකයන් ගණනාවක් පසුගියදා ඉඟි පළකර තිබිණි. මේ හැර වරාය - ඉඩම් කෘෂිකර්ම හා ධීවර අමාත්‍ය පදවිද වෙනස් වන බව සඳහන්ය. අමරවීර මහතාට කෘෂිකර්මයට සම්බන්ධ විෂයක් පැවරෙනු ඇතැයි කියැවේ. සටනක් තිබුණත් මහා මාර්ග අමාත්‍යාංශය වෙනස් නොවීමටද ඉඩ ඇතැයි සිකුරාදා රාත්‍රීෙය් වාර්තාවිය.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අමාත්‍ය විෂය වෙනස් කෙරෙන බව දැනටමත් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහුට ලබාදීමට යෝජනා කරන ලද වරාය සංවර්ධන අමාත්‍යංශය භාරගැනීම අමරවීර මහතා විසින් මුලින් ප්‍රතික්ෂේප කර ඇතැයි කියැවේ. මෙයට පෙර මුදල් අමාත්‍යංශය භාරගැනීම ආචාර්ය සරත් අමුණුගමද ප්‍රතික්ෂේප කර තිබිණි. කෙසේ වෙතත් ධීවර අමාත්‍යංශය දකුණේ ශ්‍රී.ල.නි.ප. අමාත්‍යවරයකු වෙත පැවරෙනු ඇතැයි සඳහන්ය. දකුණේ සහ ඌව පළාතේ ජ්‍යෙෂ්ඨ ශ්‍රී.ල.නි.ප. දේශපාලනඥයන් දෙදෙනකු කැබිනට් මණ්ඩලයට එක්කර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් සලකා බලමින් සිටින බවද කියැවේ. මේ දෙදෙනාම මහින්ද රාජපක්ෂ රජය සමයේ සිටි කැබිනට් අමාත්‍යවරුය.

දේශපාලන වාර්තාකරු l

 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00