2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා

මේෂ, කටක, තුලා, මකර ලග්නවලට මාලවී රාජයෝගයක් විදේශ රටවල් සමඟ සාර්ථක වෙළෙඳ ගිවිසුම්

 2018 සැප්තැම්බර් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 233

2018 සැප්තැම්බර් මස 2 වන රවි දින රාත්‍රී 9.03ට බුධ තම මිත්‍ර රාශියට පිවිස කේතුට අයත් මා නැකතේ සම්පූර්ණවත් කිවිට අයත් පුවපල් නැකතේ සම්පූර්ණවත් රවිට අයත් උත්‍රපල් නැකතේ ප්‍රථම පාදයෙන් ගමන් කරයි. 2018 සැප්තැම්බර් 19 වන බුධ දින පාන්දර 4, 16 දක්වාම සිංහ රාශියෙහි මෙසේ බුධ ගමන් කරන අතර 2018 සැප්තැම්බර් 1 වන දින සිකුරු තමාගේම රාශි භවනක් වූ තුලා රාශියට සම්ප්‍රාප්ත වේ. සිකුරැ අඟහරැට අයත් සිත නැකතේ 3වන 4වන පාදවලත් රාහුට අයත් සා නැකතේ සම්පූර්ණවත් බ්‍රහස්පතිට අයත් විසා නැකතේ ප්‍රථම දෙවන හා තුන්වන පාදවලත් 2019 ජනවාරි 1 වන දින රාත්‍රී 8.43 දක්වාම බලවත් ලෙස ගමන් කරනු ඇත. විශේෂයෙන් මෙම වකවානුව තුළ මේෂ, කටක, තුලා, මකර ලග්න හිමියන්ට පංච මහා පුරුෂ යෝග බලයක් වූ මාලවී යෝගබලය ද හිමිවන අතර අලුතින් උපදින දරැවන්ට ද මෙම රාජයෝග බලය අත්වනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී විදේශීය රටවල් සමඟ සාර්ථක වෙළෙඳ ගිවිසුම් ඇති වනු ඇත. පනවන යම් යම් නීති සම්බන්ධයෙන් මහජන විරෝධතා උද්ගතවේ. රාජ්‍ය නායකයින්ට විදේශ ගමන් වැඩියෙන් යෙදෙන අතර පාසල් දරුවකු අමානුෂීය වද හිංසාවකට ලක්කිරීමක් වාර්තා වනු ඇත. චිත්‍ර ශිල්පියකුට, ලේඛන කටයුතුවල යෙදෙන්නකුට හෝ ග්‍රන්ථ කර්තෘවරයකුට මාරකයක් ඇති වන අතර ස්ත්‍රීන්ට හා ළමුන්ට ද ඉතා අයහපත් ඵල ඇතිවන කාලයක් වේ.

විදේශීය වශයෙන් සලකා බැලීමේදී බිහිසුණු දුම්රිය අනතුරක් ඇති වන අතර ප්‍රසිද්ධ ජනමාධ්‍ය වේදියකුට මාරක ඇතිවනු ඇත. ව්‍යාපාර, අධ්‍යාපන හා ස්ත්‍රීන් සම්බන්ධව නව නීති පනත් ඇති වනු ඇත. 

මීළඟට ඔබට

මේෂ - මංගල යෝජනා

යහපත් ඵල ඇතිවන අතර ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. විරුද්ධ ලිංගික ආකර්ශනය අත්වන අතර අවිවාහ අයට මංගල යෝජනා ස්ථිර වේ.

වෘෂභ - පවුලේ සමගිය

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇතිවනු ඇත. සිතේ සතුට අඩුවන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වන කාලයක් වේ. උගුර ආශ්‍රිත පීඩාවන් ගෙනදේ.

මිථුන - ලේඛනයට යහපත්

යහපත් ඵල ඇතිවන අතර විරුද්ධ ලිංගික ආකර්ශනය ඇති වනු ඇත. කලා කටයුතුවල නිරත අයට මෙන්ම ලේඛන කටයුතුවල නිරත අයට ඉතා යහපත් වනු ඇත.

කටක - කැපී පෙනේ

ඔබගේ කටයුතු සාර්ථක වන කාල වකවානුවකි. අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර නව දේපලක් මිලදී ගැනීමට ද ඉතා ශුභවනු ඇත.

සිංහ - උදව් උපකාර

ඔබට ද ශුභ ඵල අත්වන අතර කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. සන්නිවේදන කේෂත්‍රයේ නිරත අයට ද ශුභය. හිතමිතුරන්ගෙන් ද උදව් උපකාර අත්වනු ඇත.

කන්‍යා - උගුරේ පීඩා

එතරම් යහපත් නොවන අතර ගමන්වලින් යම් යම් ප්‍රශ්න ඇතිවනු ඇත. ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාද ගෙන දෙනු ඇත. උගුර ආශ්‍රිත පීඩාවක් ඇතිවේ.

තුලා - පවුලේ සමගිය

ඔබට යහපත් වන අතර ඔබගේ කටයුතු සාර්ථක බවට පත්වනු ඇත. හිත මිතුරන්ගෙන් ද උදව් උපකාර අත්වන අතර පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත.

වෘෂ්චික - හදිසි බියවීමක්

එතරම් යහපත් නොවේ. ඔබගේ කටයුතුවලට බාධා වීම් ඇතිවන අතර පවුල් දිවියේ ද සමගියට හානිකරවේ. යම්කිසි දෙයකට හදිසි බියවීමකට පත්වනු ඇත.

ධනු - දේශපාලනයට ශුභයි

යහපත් ඵල අත්වන අතර හිත මිතුරන්ගෙන්ද උදව් අත්වනු ඇත. සමාජ සේවාවල නිරත වී සිටින අයට මෙන්ම දේශපාලන කටයුතුවල නිරත අයට ද ශුභ ඵල වැඩිවේ.

මකර - රැකියාවේ උසස්වීම්

ඔබට ද ශුභ කාලයකි. ඔබ අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වනු ඇත. රැකියාවේ උසස් වීම් අපේක්ෂා කළ අයට ද ඉතා යහපත් වේ. උරුම හිමිකම් ලබා ගැනීමට ද ශුභ කාලයක් වේ.

කුම්භ - කෙටි ගමන්

ලේඛන කටයුතුවල නිරත අයට ද ශුභ ඵල අත්වේ. කෙටි ගමන්වලින් ඵල අත්වනු ඇත. හදිසි තුවාල පීඩාවීම් ඇතිවන බැවින් පරිස්සම් වන්න.

මීන - නීති ගැටලු

අයහපත් වන අතර නීතිමය ගැටලුවකට මැදවිය හැකි ප්‍රවේසම් වන්න. ඔබගේ කටයුතුවලට ද විවිධ බාධාවන් ඇතිවනු ඇත. ඔබගේ කාලත්‍රයාට හදිසි ශරීර පීඩා මතුවේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂනායතනය
ඔලබොඩුව, ගෝනපල