2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

ඊළඟ ජනපතිගෙ කේන්දරේ

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 320

දෙදහස් විස්සේ ප්‍රථම පුරවැසියා වීම සඳහා දැනට විවිධ දේශපාලනඥයන්ද, ව්‍යාපාරිකයන්ද, නිර්දේශපාලනඥයන්ද, ඉව අල්ලමින් සිටී. කෝටි දෙකක් පමණ වන ජනතාව අතරේ මෙම නායකයා සැඟවී සිටින බව නම් සත්‍යයකි. ජනාධිපතිවරණයක් එන තෙක්ම ඔහු සැඟවුණු අමුත්තකු පමණි.

නමුත් භිර්ගු නන්දන නාඩිය විසින් ඔහුව හඳුන්වාදෙනු ලබන්නේ ඔහුගේ උපන්දින ජන්ම ග්‍රහ පිහිටීම හරහායි. එහෙත් දුෂ්කරතම කාර්යය වන්නේ සඟවාගෙන සිටින ජන්ම දින ග්‍රහයන් උළුප්පුවා ගැනීමය. ඒ නිසා තමාට 2020 දී රටේ ප්‍රධාන පුරවැසියා විය හැකිද යන්න හොර රහසේම ඕනෑම අයකුට සොයාගත හැකි ඉඟි මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

01 දරන රූපසටහන

අංක 01 රූපසටහනේ මෙම ජන්ම පත්‍රය ජයග්‍රාහක ජන්මියා පිළිබඳ ඉලක්ක සපයාගනු ලබන පාදක ගෝචර මීනාදී දක්ෂිණාවෘත ග්‍රහ කුණ්ඩලිය වන්නේය. කිසියම් කෙනකුට තනතුරැ, තානාන්තර, රැකී රක්ෂා ආදිය ලබාදීමට පෙරමුණ ගන්නේ රැකියාකාරක ශනි ග්‍රහයා බව භිර්ගු නන්දන නාඩිය කියයි. එකී ග්‍රහයා 2020.01.08 ධනු රාශියේ ගෝචර වෙමින් පවතී.

උත්පත්ති ශනි හා ගුරු සමඟ ගෝචර ශනි - ගුරු වැනි ග්‍රහයන් සංවේදී වන ස්ථානවල ගෝචරය වන විට ජන්මියාට නව තනතුරු ගෙන දෙනු ඇත. මෙම ග්‍රහයන්ගේ දෘෂ්ටි මෙන්ම ඔවුන්ගෙන් නිර්මාණය වන ජයග්‍රාහී ගුප්ත ත්‍රිකෝණයද මෙම පර්යේෂණයට ඉතා වැදගත් වනු ඇත.

ජන්මියාගේ ජීවිත පෙරළි ඇතිකිරීමේදී ගුරු ග්‍රහයාද විශේෂ කාර්යභාරයක් ඉටුකරයි. එකී ගුරු ග්‍රහයා 2020.01.28 වැනි දින ධනු රාශියේ ගෝචර වෙමින් සිටී.

මෙම පර්යේෂණයේදී රාජ්‍ය කාරක රවි ග්‍රහයා පිළිබඳවද මූල්‍ය බල නිවේදක බුධ ග්‍රහයා පිළිබඳවද විශේෂ අවධානය යොමුකළ යුතුය.

අපේ පර්යේෂණයට මුලින්ම යොදාගන්නේ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ උත්පත්ති ජන්ම දින සටහනයි. එය අංක 02 දරණ රූපසටහන මගින් දක්වා ඇත.

02 දරන රූපසටහන

1916 වැනි දින උපත ලැබූ ජන්ම පත්‍රයේ එතුමියගේ රැකියා කාරක සෙනසුරැ ග්‍රහයා මිත්‍ර රාශි මිථුනයේ ලැඟුම්ගෙන සිටියේය.

එක්දහස් නවසිය හැටේ ජූලියේදී එතුමිය රටේ අගමැතිනිය වූවාය. උත්පත්ති ශනිට ගෝචර ශනි ගුරු දෙදෙනාගේ දෘෂ්ටිය එයට බලපෑවේය.

1960.07.20 වැනිදා ශනි සහ ගුරු ග්‍රහයන් ධනු රාශිගත වී සිටියේය. උත්පත්ති සෙනසුරාට ගෝචර සෙනසුරා දෘෂ්ටිය ගෙන දෙන්නේය. උත්පත්ති සෙනසුරාට ගෝචර ගුරු ග්‍රහයාද දෘෂ්ටි ගෙන දුන්නේය. එදා එතුමිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය. ගෝචර ගුරු ග්‍රහයා විසින් රාජ්‍යකාරක උත්පත්ති රවිට දෘෂ්ටි ගෙන දීමද වැදගත් විය. එමෙන්ම නව තනතුරු ලබාදීමට ගෝචර සෙනසුරු විසින් උත්පත්ති සඳුට දෘෂ්ටි ගෙන දීමද වැදගත් විය.

දෙවන වරට 1970 දීද උත්පත්ති ශනිට ගෝචර ශනි ගුරු දෙදෙනාගේ දෘෂ්ටිය දෙන ග්‍රහ ගෝචරයක් මැවුණේය. ඒ වෙනත් රාශි දෙකක ශනි ගුරු දෙදෙනා ගෝචරය වන විටකදීය. 1970 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වූ මහ මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් නැවත වරක් අග්‍රාමාත්‍ය ධූරයට පත් විය. එම පිහිටීම අංක 03 දරණ රූපසටහනෙහි දැක්වෙයි.

03 දරන රූපසටහන

1970 මැයි මස වන විට මේෂයේ ගමන් කරමින් සිටි ගෝචර ශනි විසින් මිථුනයේ සිටි උත්පත්ති ශනිට තම තුන්වැනි දෘෂ්ටිය එල්ල කළේය. එමෙන්ම තුලාවේ ගෝචරය වූ ගුරු ග්‍රහයා තම නව වැනි දෘෂ්ටිය උත්පත්ති ශනිට එල්ල කර ඇත. එමෙන්ම අමතර ලෙස ගෝචර ගුරු උත්පත්ති රවි බුධ දෙදෙනාට තම සප්තම දෘෂ්ටිය එල්ල කළේය. ප්‍රතිඵලය වූයේ කුමක්ද? එතුමිය 2/3ක ජනතා බලයෙන් රජයක් පිහිටුවා එහි අගමැතිනිය වීමය.

තුන්වැනි ජයග්‍රහණය

1994 දීද මෙම පිහිටීම ගුප්ත ත්‍රිකෝණයද මතුකරමින්ම ප්‍රාදූර්භූත විය.

04 දරන රූපසටහන

1994 දී මෙකී උත්පත්ති සෙනසුරා සමඟ ගෝචරය ශනි - ගුරු දෙදෙනාම සම්බන්ධ වන්නේ ගුප්ත ත්‍රිකෝණයද නිර්මාණය කරමිනි.

1994 දී එතුමිය අග්‍රාමාත්‍යවරිය බවට පත් කරන්නට උත්පත්ති ශනිගෙන් පස්වැන්නේ ගෝචර වූ ගුරුද නවවැන්නේ ගෝචර වූ ශනිද නව තනතුර උත්පාදනය කර දුන්නේය. ඊට උත්පත්ති රවිට ලබාදුන් ගෝචර ශනිගේ තුන්වැනි දෘෂ්ටියද ගුරුගේ සප්තම දෘෂ්ටියද අමතර බලයක් එක් කළේය.

2020.01.08 වැනි දිනය වන විට ශනි - ගුරු යුවල ධනු රාශියේ ගෝචරය වේ. එවිට එතුමියගේ උත්පත්ති ශනිට එකී ග්‍රහයන් දෙදෙනා දෘෂ්ටි දෙයි. කාලයෙන් කාලයට එකම ග්‍රහ පිහිටීම මතුවීම මත සමාන ප්‍රතිඵල ගෙන දෙන බැව් පෙන්වාදිය හැක. ඔබේ ජන්ම පත්‍රයට අනුව අනාගතය ජයග්‍රාහීදැයි තමාම පරීක්ෂා කර බලාගැනීමට උත්සාහ කර බලන්න. සිරිමාවෝ මැතිනියගේ ජන්ම පත්‍රය මගින් පෙන්වා දෙන්නේ 1960 ජූලියේදී පැවති ගෝචර ග්‍රහ ශක්තිය 2020.01.08 වැනි දිනයේදීද මතුවන බවය. මෙවැනි ග්‍රහ පිහිටීමක් තිබෙන කෙනකුට ලබන ජනාධිපතිවරණයෙන් ජය ලැබීමට ශක්තිය ඇත.

සමාජ සුබසාධන, දේශකලා කීර්ති ශ්‍රී, දේශබන්දු, ජ්‍යොතිෂ්‍ය විද්‍යා විභූෂණ, ලංකා පුත්‍ර 
සුරා ශ්‍රී ගුණවර්ධන

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00