2018 ජුනි 16 වන සෙනසුරාදා

ජුනි 18 හා අගෝස්තු 2 අතර නායක හිමිනමකට මාරකයි

 2018 ජුනි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 124

2018 ජුනි මස 18 වැනි සඳු දින බ්‍රහස්පති ග්‍රහයා වක්‍ර ගමනින්ම රාහුට අයත් සා නැකතේ ගමන් අරඹනු ඇත. 2018 ජූලි 10 වැනි දින බ්‍රහස්පති වක්‍රයෙන් මිදී 2018 අගෝස්තු 2 වැනි දින තෙක්ම රාහුට අයත් සා නැකතේ තුලා රාශියෙහි ගමන් කරයි.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී සිද්ධස්ථාන හා පුරා විද්‍යා ස්ථාන ආශ්‍රිතව අශුභ සිදුවීම් වාර්තා වනු ඇති බව පෙනේ. ඒවායේ වැඩ වසන ආගමික නායකයන් හට ද ඉතා අශුභ වන අතර ප්‍රධාන ආගමික හිමිනමකට වළක්වා ගත නොහැකි අයහපත් වූ මාරකයක් ඇති වනු ඇත. රජයේ යම් යම් කටයුතු සඳහා මහජන අප්‍රසාදය එල්ල වන කාලයකි. භාණ්ඩ ගබඩා කර ඇති ස්ථානයකට හෝ ලිපි ලේඛන ගබඩා කර ඇති ස්ථානයක් ගින්නකට හසු වනු ඇත. අධිකරණයේ ක්‍රියා පිළිබඳව මහජනයා කලකිරීමට පත්වන වකවානුවකි.

මීළඟට ඔබට

මේෂ - සතුරු බලවේග

හවුල් කටයුතුවල නිරත වීමට අයහපත් වකවානුවක් වන අතර ඔබට එරෙහි සතුරු බලවේග හිස ඔසවන කාලයකි. අවිවාහක අයට මංගල යෝජනා ඇති වනු ඇත. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

වෘෂභ - දුර ගමන්

හදිසි ශරීර පීඩා ගෙන දෙන වකවානුවක් බැවින් ප්‍රවේසම් විය යුතු වේ. දුර ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. තැන්පත් ධනය වියදම් වන්නා වූ කාලයකි. 

මිථුන - ආගමික වැඩ

අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට ලැබෙන ප්‍රතිඵල අඩුවනු ඇත. හවුල් කටයුතුවලට බාධා වීම් ඇති වේ. මිතුරන්ගෙන් ප්‍රශ්න ඇති වේ. ආගමික කටයුත්තක් වෙනුවෙන් දුර ගමනක් යාමට අවස්ථාව ලැබෙනු ඇත.

කටක - මුදල් පරිස්සමෙන්

ස්වාධීන වෙනසක් කිරීමට අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. හදිසි ශරීර පීඩා ගෙන දේ. විශාල අන්දමෙන් මුදල් යෙදවීම් කිරීමේදී පරිස්සම් වන්න.  

සිංහ - මිතුරන්ගෙන් ප්‍රශ්න

සිතේ ප්‍රශ්න ඇතිවන වකවානුවකි. හිත මිතුරන්ගෙන් යම් යම් කටයුතු සඳහා බාධා ගෙන දේ. ලේඛන කටයුතුවල නිරත අයට තම නිර්මාණ කිරීමේදී බාධා මතු වේ. 

කන්‍යා - පවුල් ගැටලු

තම තැන්පත් ධනය යම්කිසි හේතුවක් මත වියදම් වී යන වකවානුවකි. පවුල් දිවියේ සමගියට බාධා මතු වේ. ඉක්මන්කම නිසා තමාගේ වචනයකින්ම තමාට අවාසි සිදුවීමට ඉඩ ඇත. 

තුලා - නිවසින් බැහැරව

ඔබගේ සිතේ ගැටලු ඇති වන අතර විරුද්ධ ලිංගිකයන් නිසා යම් යම් බාධාවන් උද්ගත වේ. ආගමික කටයුත්තක් හේතුවෙන් නිවසින් බැහැරව සිටීමට සිදුවනු ඇත.

වෘෂ්චික - විදේශ ගමන්

ඔබට එතරම් යහපත් නොවන අතර විශාල අන්දමෙන් මුදල් යොදවා කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. දුර ගමන්, විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වේ.

ධනු - විනෝදයට බරයි

හිත මිතුරන්ගෙන් උදව් උපකාර අත්වන වකවානුවක් වේ. තම මිතුරන් සමඟ විනෝද ගමනක් යාමට අවකාශ අත්වනු ඇත. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාභ අඩු කාලයකි.

මකර - භූමියෙන් ලාභ

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඉතා යහපත් ඵල අත්වන අතර රුකියාව හේතුවෙන් හෝ දුර ගමනක් යාමට සිදු වේ. තම තැන්පත් ධනය ද වියදම් වී යනු ඇත.

කුම්භ - ඉගෙනීමෙන් බැහැරට

අවේගශීලී අදහස් ජනිත වන්නාවූ කාලයකි. උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් බලපෑම් ඇති වේ. ඉගෙනීම් කටයුතුවලින් බැහැරව ක්‍රියා කිරීමට පෙළඹේ.

මීන - මුදල් හානි

ඔබට අයහපත් වූ බලපෑම් ඇති වන අතර ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ බාධා ඇතිවන අතර හදිසි මූල්‍ය පාඩු ද ලැබෙනු ඇත. රැකියා ස්ථානයේ ද ප්‍රශ්න හේතුවෙන් ස්ථානය වෙනස් කිරීමට ද සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00