2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

තනතුරු නැතිවන ආර්ථිකය ගල්වන ග්‍රහ ගමනක්!

 2017 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 261

2017 අවසානය වනවිට අපූරු ග්‍රහ රාශි මාරු තුනක් ග්‍රහලොව සිදුවිය. අගෝස්තු 18 වෙනිදා රාහු ග්‍රහයා කටකයට පිවිසියේය. සැප්තැම්බර් 12 වෙනිදා ගුරු ග්‍රහයා තුලා රාශියට ගිය අතර. ශනි ග්‍රහයා ඔක්තෝබර් 26 වෙනිදා ධනු රාශියට ගිය අතර. මේ අනුව මෙකී රාශිවලට සංවේදී ස්ථානවල පවතින යම් යම් ග්‍රහ බල දුබලතාවයන් මත ඡන්මීන්ට විවිධ යහපත මෙන්ම තවත් ඡන්මීන්ට ප්‍රබල අයහපත උදාවීම සිදුවන්නේය.

ප්‍රබල අශුභ ඵල උද්ගත කෙරෙනුයේ ශනි - රාහු - කුජු යන ග්‍රහයින් සමඟ සංවේදී වන ගුරු - රවි යන ග්‍රහයින් හේතු කොට ගෙනය.

රැකියාව තනතුරු තානාන්තර ආදිය සඳහා ප්‍රබල අභියෝග ඉදිරිපත් වීම, ඒවා නැති වීම, ඉල්ලා අස්වීමට සිදුවීම ආදී අනේකවිධ ලෙස ජීවනෝපාය මාර්ගයන් අවහිර කරන අවස්ථාවන්ට ඡන්මීන් මුහුණ දෙනු ඇත. තනතුරු තානාන්තර නැතිවන ග්‍රහ ගෝචරයක් මතු වූ විට එහි රැඳීසිටීමට උත්සාහ දරා තවතවත් අමතර කදරදරවලින් මිදීමට හැකි කාලසීමාවන් හඳුනාගැනීමේ අනාවැකි ක්‍රමයක් පවතී නම් එයින් මිනිස් සිතට මහත් අස්වැසිල්ලක් ලබා ගැනීමට ද පසුබිම සැළසෙනු ඇත.

පුද්ගල උත්පත්ති දින ග්‍රහ සටහනේ සෙනසුරු ග්‍රහයා තැන්පත්ව සිටින රාශියට ගුරු ග්‍රහයාගේ පැමිණීම සිදුවූ විට පුද්ගලයා දරණ තනතුරු තානාන්තර රැකියා වරප්‍රසාද ආදිය ගිලිහී යන බව කිවයුතුය. 

2017.11.21 දින සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ජනාධිපතිවරයා තනතුරින් ඉල්ලා අස්වූයේ ප්‍රබල ජනතා විරෝධ හමුවේදීය.

උත්පත්ති දිනයේදී සෙනසුරු ග්‍රහයා සිටි රාශියට ගුරු ග්‍රහයා ගෝචරය වූ විට ජීවනෝපාය මාර්ගවලට මෙන්ම තනතුරු තානාන්තර රැකියාවලට ප්‍රබල අවහිර බාධා අභියෝග එල්ලවන බැව් භිර්ගු නන්දන නාඩි සිද්ධාන්තවල දැක්වෙයි.
රොබට් මුගාබේ ජනාධිපතිවරයාගේ ඡන්ම පත්‍රයේ සෙනසුරු ග්‍රහයා උච්ච වී තුලාවේ සිටයේය. ගුරු ග්‍රහයා වර්ෂයක කාලයක් ගත කිරීම සඳහා 2017.09.12 වෙනි දින තුලා රාශියට සම්ප්‍රාප්ත විය. ශනි මතින් ගෝචර ගුරුගේ ගමන ආරම්භ කර දින 59ක් ගතවූ මොහොතේ ජනාධිපති ධුරයෙන් ඉවත් කරන්නට දෛවය ක්‍රියා කළේය. දෛවය විසින් සිදුකරනු ලබන එකී ක්‍රියාදාමය ඉහත සඳහන් භිර්ගු සිද්ධාන්තයෙන්ද ප්‍රකාශ වී තිබිණ.

1977.06.21 දින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය මැතිවරණයෙන් අන්ත පරාජයකට පත්වූ මැතිවරණ ප්‍රතිඵලයක් නිකුත් විය. 1916.04.17 වෙනි දින උපත ලබා සිටි ඇයට ගෝචර ගුරු ග්‍රහයාගේ අකාරුණිකව බලපෑ ආකාරය ද ඉහත සඳහන් කළ උත්පත්ති සෙනසුරු මතින් ගුරු ග්‍රහයා විසින් සිදුකළ ගමන් කිරීම තුළින් විද්‍යාමාන විය. එම ස්වභාවය ඉහත සඳහන් ග්‍රහ ආරෝපිත සටහන මඟින් අපූරුවට පැහැදිලි වෙයි. 

එතුමිය උත්පත්ති දින රාශි සටහනෙහි මිථුන රාශියේ සෙනසුරු ග්‍රහයා ලැඟුම් ගෙන සිටියේය. මැතිවරණය පැවති සමයේ එකී සෙනසුරැ ග්‍රහයා තැන්පත්ව සිටි ස්ථානයෙහි ගුරැ ග්‍රහයා සැරි සැරුවේය. තනතුරු අතහැරීමට එතුමියට සිදුවිය. මෙකී භිර්ගු නන්දන නාඩි සිද්ධාන්තය වාගේම ඊට අනුබල දෙන වෙනත් සිද්ධාන්ත ද රැකියා තනතුරු අහිමි කිරීම් ආදියට බලපාන භිර්ගු සිද්ධාන්ත අතර පවතී.

රාජ්‍ය කාරක රවි ගෝචර පාපයින්ගෙන් පීඩා වීමද සේනාධිනායක කුජ ග්‍රහයා ගෝචර පාපයින්ගෙන් පීඩාවීමද ඒ අතර වැදගත් වෙයි. මීට අමතරව දිශා පීඩාව ද බලපානු ඇත.

හිටපු සිම්බාබ්බේ ජනාධිපතිවරයාගේ රාජ්‍යයේ ඉහළ තනතුරට පත්වීම මෙන්ම බලයෙන් පහවීම, විවාහය ආදී අනේකවිධ කරැණු රාශියක් භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත හා සැසදෙන බව කිවයුතුය.

විශ්වකීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී
ජ්‍යොතිර්විද්‍යාර්ථ
ගාල්ලේ තලගහ අක්මීමණ
සුරා ශ්‍රී ගුණවර්ධන  

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00