2017 මැයි 20 වන සෙනසුරාදා

බල පොරයකට පාර කැපෙන ග්‍රහයෙදුමක්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 131

(2017 මේ ආණ්ඩුව පෙරළන්න බැහැ යනුවෙන් 2017 අප්‍රියෙල් මසස 30 දා හරබර අතිරේකයේ 8 පිටුවේ අසදිසි ජ්‍යෙතිෂ පිටුවේ පළවූ ජ්‍යොතිෂවේදී සුරා ශ්‍රී ගුණවර්ධනයන්ගේ ලිපියට පිළිතුරකි.)

හදිසියේ ක්‍රියාකාරීවෙමින් නොසිතූ විරූ පෙරළි සිදුකරමින් විප්ලව කරන ග්‍රහයා යුරේනස් බව අපි පෙර ලිපිවලින් කියා ඇත්තෙමු. එසේම ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කාරක ග්‍රහයා යුරේනස් බව ප්‍රචලිතය.

පසුගිය අප්‍රේල් මස මැද සිට යුරේනස් මේෂයටත් ඒ අනුව කේහෙතුගේ නැකතටත් සම්ප්‍රාප්තවී ඇත. කෙහෙතු සිටින්නේ ලංකා නිදහස් කේන්ද්‍රය වන කුම්භයේය. කෙහෙතු එහි සිටින අතර යුරේනස් සහ සෙනසුරු යන ග්‍රහයන් දෙදෙනාම සිටින්නේ කෙහෙතුගේ නැකැත්වලය. යුරේනස් කෙහෙතුගේ නැකතේ දීර්ඝ කාලයක් සිටින අතර ශනි 2018 මාර්තු දක්වා සිටියි.

මේ වසරේ ජුනි - ජූලි මාසවල රවි ශනිට සමීපව ගමන් කරයි. මෙය රාජ්‍ය තන්ත්‍රය අසීරුවට පත්වීමේ අයහපත් ග්‍රහ පිහිටීමකි. මෙය ඉතාම ප්‍රබලය. පවතින රජය සැබැවින්ම දුෂ්කරතාවලට පත්වන අතර දැඩි කලබල මැද්දේ යම්තම් බලය රැකගැනීමට සමත් වනු ඇත.

මෙම අගොස්තු 15න් පසුව ආණ්ඩුව කඩාවැටීමට ලක්වන අතර එයින් බේරීමට අපහසු වෙයි. අගෝස්තු 15 සිට කේතු මකරයට ගමන් කරයි. මෙය ලංකා කේන්දරයේ 12 වැන්න වේ. මේ අනුව යුරේනස් අගෝස්තු 15 දා සිට 12 නිවේදනය කරමින් ගමන් කරයි. (12 හේ කේතුගේ නැකතේ යුරේනස් 3නේ ගමන් කරයි) මෙය ලොකු පුටු දෙකෙන් එකක මාරුව පෙන්වන පිහිටීමකි.

මෙම අගෝස්තු සැප්තැම්බර් වකවානුවේ රජය ඇතුළත දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකිය. ප්‍රධාන පාලකයන් දෙදෙනාගෙන් කෙනෙකුගේ නරකම ප්‍රතිඵලයක් මෙයින් පෙන්නුම් කරයි. නීති සම්පාදනය කරන්නා වන ගුරුද මෙම වකවානුවේ තුලාවේ ගමන් කරන්නේ යුරේනස්ට සමීපතම දෘෂ්ටියන් දෙමිනි.

ආණ්ඩුවේ වැටීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනතම හේතුවන බව මේ නිසා පෙනීයයි.

සමස්තයක් වශයෙන් ගත්කල මෙම වසරේ අගභාගය වනවිට රජය ගෙනයෑමට බැරි තරම් ගැටලු වැඩිවෙයි.

ජනමතය උරගා බැලීමට ගියහොත් නිල ශ්‍රී.ල.නි.ප. තෙවන ස්ථානයෙන්ද පහළට වැටෙන තත්ත්වයක් පෙන්නුම් කරයි.

ජ්‍යොතිර්වේදී
පානදුරේ රොහාන් වීරරත්න
සිතුමිණ, දුම්රියපල පාර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00