2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

සිසු අරගල ප්‍රබල වේ

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

2017 අප්‍රේල් මස 28 වන කිවිදින රාත්‍රී 8 පසුවී විනාඩි 21ට බුධ හා යුරේනස් අතර යුධ සංග්‍රාමයක් ඇති වනු ඇත. මේෂ රාශියෙහි ආපසු ගමනින් යමින් සිටින බුධ ග්‍රහයා කේතුට හිමි අස්විද නැකතේ ප්‍රථම පාදයෙන් ගමන් කරද්දී යුරේනස්ද කේතුට හිමි එම නැකතේම ප්‍රථම පාදයෙන් ගමන් කරයි. මෙම ග්‍රහයින් දෙදෙනාම අස්විද නැකතේ ප්‍රථම පාදයෙන් එකම අංශකයක් තුළ ගමන් කිරීමට යාමේදී ග්‍රහයින් දෙදෙනා ඔවුනොවුන් අභිබවා ගමන් කිරීමට යාමක් සිදුවේ. මෙහිදී බුධ හා යුරේනස් යන ග්‍රහයන්ගේ අශුභ කිරණ පෘථිවිය වෙත දින 50ක කාලයක් යනතුරු එල්ල වනු ඇත.

බුධ යුරේනස් යුධ සංග්‍රාමය හේතුවෙන් අප රටට ඇති වන්නා වූ බලපෑම විමසා බැලීමේදී දුම්රිය අනතුරු වාර්තා වන අතර තැපැල් සේවක ප්‍රශ්නයක් ඇතිවන බවද පෙනේ. ප්‍රසිද්ධ ලේඛකයකුට අශුභ වන අතර මාරක ඇති වනු ඇත. නීතිමය ප්‍රශ්නයකට වැදගත් වූ ලියවිල්ලක් අතුරුදන් වීමක්ද වාර්තාවේ. උසස් අධ්‍යාපනික කටයුතු ආශ්‍රිතව අර්බුදකාරී තත්ත්වයක් පැන නගින අතර රජයට පාලනය කිරීමට අපහසු ලෙස සිසු අරගල ක්‍රියාත්මක වන්නා වූ කාලයකි. මෙම වකවානුව තුළ හදිසි හේතු මත සිදුවන මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් දැකගත හැකිවන අතර යම් යම් අර්බුද අවස්ථාවන්හිදී තීරණ ගැනීමේදී වගකිවයුත්තන් කල්පනාකාරීව කටයුතු කළයුතු වන බව පවසමු.

විදේශීය වශයෙන් අපරාධ හා ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් විශාල මනුෂ්‍ය සංහාරයක් සිදුවන කාලවකවානුවක් වනු ඇත. භයානක පිපිරීම් ඇතිවන අතර මගීන් රැගත් යාත්‍රාවක් අනතුරට පත්වීම සිදුවේ. නව විද්‍යාත්මක සොයාගැනීමක් වාර්තා වනු ඇත.

මේෂ - මුත්‍රා ආබාධ

විශාල පරිමාණයෙන් මුදල් යෙදවීම් සිදු කරන්නේ නම් ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. උරැම හිමිකම් ආශ්‍රිතව ප්‍රශ්නයක් ඇතිවේ. මුත්‍රා ආබාධයක් ඇතිවනු ඇත.

වෘෂභ - කටයුතුවලට බාධා

තමන්ගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් විරැද්ධතා ඇතිකරන වකවානුවක් වේ. අත ඉතිරිය අඩුවන අතර ඇස්වල ආබාධ මතුවනු ඇත.

මිථුන - කෙටි ගමන්

තමන් සමීපයේ සිටි හිතවත් අයකු තමාගෙන් දුරස්වන කාලවකවානුවක් වේ. අධ්‍යාපනික කටයුතුවල නිරත වී සිටින අය එයින් බැහැරව උදාසීන වනු ඇත. කෙටිගමන් අධික වේ.

කටක - භූමියෙන් ඵල

පදිංචි ස්ථානය ආශ්‍රිතව පැවති ගැටලුවක් නිරවුල් කරගත හැකි වන්නා වූ වකවානුවක් වේ. භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ඵල ප්‍රයෝජන ලැබේ. තම මතය ක්‍රියාවට නංවමින් කටයුතු කරන කාලයකි.

සිංහ - එදිරිවාදීන් හඳුනාගනී

ස්වෝත්සාහයෙන් කටයුතු කරමින් තම වැඩ රාශියක් ඉටුකර ගන්නා වූ වකවානුවක් වේ. තමන්ගේ කාර්යයන්ට එරෙහි වන්නා වූ එදිරිවාදීන් හඳුනාගත හැකිවනු ඇත. කෙටිගමන් යෙදෙනු ඇත.

කන්‍යා - රෝගවලින් මිදේ

ඔබගේ තැන්පත් ධනය වියදම් කිරීමට සිදුවන වකවානුවක් වේ. පැවතියා වූ ලෙඩ රෝගවලින් මිදීමට හැකිවනු ඇත. බුධ මහ දශා අන්තර් දශා ගෙවන්නා වූ අයට එතරම් යහපත් නොවේ.

තුලා - උදර රෝගයක්

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් බුද්ධියෙන් කටයුතු කළ යුතු වකවානුවකි. ව්‍යාපාරිකයන්ට ශුභඵල අත්වනු ඇත. උදරය ආශ්‍රිත රෝගාබාධයක් මතුවනු ඇත.

වෘශ්චික - බාධා වැඩිවේ

ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා කිරීම් ඇතිකරනු ඇත. ගමන් බිමන් වලදී කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්ය. බෝවන රෝගාබාධවලින් පීඩා ඇතිවනු ඇත.

ධනු - ලේඛනයට හොඳයි

අධ්‍යාපන කටයුතුවල නිරත වන අය තරමක උදාසීන ගතියෙන් යුක්තව කටයුතු කරනු ඇත. අලුත් මිතුරන් ඇසුරැ කිරීමට ලැබේ. ලේඛන කටයුතුවල නිරත වන අයට ශුභඵල අත්වනු ඇත.

මකර - අලුත් නෑදෑයන්

භූමිය ආශ්‍රිතව පැවතියා වූ ගැටලු සමථයකට පත්කරගත හැකි කාල වකවානුවක් වේ. අලුත් හිත මිතුරන් නෑදෑයන් තම පවුලට එක්වනු ඇත. සිතේ සහනය නව බලාපොරොත්තු ඇතිවනු ඇත.

කුම්භ - කලාවට යහපත්

පවුලේ සාමාජිකයන් අතර සහයෝගය වර්ධනය වනු ඇත. කෙටි ගමන් යෙදෙනු ඇත. කලා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් වනු ඇත.

මීන - මතබේද නිමවේ

තමන්ගේ තැන්පත් ධනය වියදම් වන්නාවූත් කාලවකවානුවක් වේ. වැඩවල ප්‍රමාද ගතියක් ඇතිවන අතර පවුල් දිවියේ පැවතියා වූ මතභේද සමථයකට පත්කරගත හැකිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන, 
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී, 
ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ 
පර් යේෂණායතනය
28, ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00