2020 මැයි 30 වන සෙනසුරාදා

ඔබේ කේන්ද්‍රයේ ධනයෝග තිබේද?

 2020 මැයි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 542

ධනවතුන් වීමට අප කවුරැත් කැමතිය. සමහරුන් ටිකින් ටික ධනය උපයා උත්සාහයෙන් ධනවතුන් වෙයි. ඇතැම්හු බලාපොරොත්තු නොවන ලෙසට හදිසියේ ධනපතියන් වෙති. මෙලෙස වාසනාව හිමිවන්නේ කෙසේද යන්න ජ්‍යොතිෂය ආශ්‍රයෙන් සොයා බලමු.

දුගී පවුලක උපන් අයකුට වුවද පෙර ආත්මවල කරන ලද දානමාන ආදී කුසල් නිසා යහපත් ප්‍රතිඵල අත්විඳීමට ලැබෙන බව බෞද්ධාගම අනුව සනාථ වෙයි. කෙනකුගේ ජන්ම පත්‍රයේ දක්නට ලැබෙන ග්‍රහ පිහිටීම්වලින් ධනය පිළිබඳ තත්ත්වය නිරූපනය වෙයි.

යහපත් කටයුතුවලින් සැප සම්පත් ලැබීමට හේතු වන චින්තාමණී යෝගය පැරණි ජ්‍යොතිෂ ග්‍රන්ථවල දක්වා තිබේ. කේන්ද්‍රයේ පස්වැන්න හෝ නව වැන්න වූ ත්‍රිකෝණස්ථානයක හෝ අයස්ථානයේ 11 වැන්න තුළ ගුරු හෝ සිකුරු ග්‍රහයා බලවත්ව පිහිටීම මෙලෙස සුවඵල දෙන ග්‍රහ යෝගයක් ලෙස හැඳින්වීමට පුළුවන. එහෙත් එම කේන්ද්‍ර සටහනේ රාහු ග්‍රහයා 5 – 8 – 12 යන භාවවල නොසිටිය යුතු වේ. තවද එම බලවත් ග්‍රහයා අටවැන්නාධිපති හෝ පාප ග්‍රහයකුගේ නැකතක පිහිටා ඇතිවිට එම යෝගය ක්‍රියාත්මක නොවන බවද කිව යුතුය.

ඕනෑම කේන්ද්‍රයක ගුරු ග්‍රහයා සිවුවැන්නේ බලවත්ව පිහිටීම නිසා කෘෂිකර්ම කටයුතු දියුණු වන අතර ගේ දොර ව්‍යාපාර ආයතන විවෘත කිරීමේදී යහපත් ප්‍රතිඵල ලැබීමට හේතු වෙයි. මෙවැනි අය දුරබැහැර ගමන් බිමන්වලදී වුවද තමා නොහඳුනන අයගෙන් පවා ආහාර පාන හා වෙනත් උපකාර ලැබීමට හේතු වේ.
සුවපහසු දැකුම්කළු නිවසක් හා යානවාහන ආදිය ලැබීමට හේතු වන්නේ සිකුරැ ග්‍රහයා සිවුවැන්නේ සිටීම නිසාය. එසේ වුවද සිකුරැ ග්‍රහයා 22 වැනි දෙර්කාණයට අයත් වනවිටදී නම් එම වාහනය නොසිතූ ලෙස කෙටි කලකදී අනතුරකට භාජනය වී විනාශ වනවා ඇත.

අටවැන්නාධිපති ග්‍රහයා අයස්ථාන ගතවීම මුදල් ආයෝජන කිරීම්වලින් හෝ මියගිය ඥාතියකුගෙන් බලාපොරොත්තු නොවූ විශාල ධනයක් හිමිවීමට හේතුවනවා ඇත.
කෙසේවුවද සිකුරු ග්‍රහයා නීච වර්ගයක හෙවත් ලග්න හා නවාංශක යන දෙඅංශයේම දුබලව පිහිටීම පාප ග්‍රහයකුගේ දෘෂ්ටියට ලක්වුවහොත් මෙම ධනයෝග ක්‍රියාත්මක නොවනවා ඇත. තවද 12 වැන්නාධිපති ග්‍රහයා  කේන්ද්‍රයේ ධනස්ථානයේ හෙවත් දෙවැන්නේ පිහිටා ඇති විටෙක වෙනත් ග්‍රහ බලපෑම් නිසා අතට ලැබෙන මුදල් හෝ ඉතිරි කර ගැනීමට අපොහොසත් වෙයි. එයට හේතුවන්නේ පවුලේ කෙනකුගේ බලාපොරොත්තු නොවන ලෙස විනාශ වන බැවිනි.

ජ්‍යොතිෂවේදී - සමන් කළුආරච්චි - හැඳල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00