2019 ජනවාරි 05 වන සෙනසුරාදා

ස්වභාවික විපත් බහුල වේ

 2019 ජනවාරි 05 වන සෙනසුරාදා, ප.ව. 12:30 146

2019 වසරේ සිදුවන්නා වූ ප්‍රථම ග්‍රහණය අද දින, එනම් 2019 ජනවාරි 6 වැනි ඉරු දින අර්ධ සූර්යග්‍රහණයක් ලෙස සිදුවනු ඇත. කිවිට අයත් පුවසල නැකතේදී මෙම ග්‍රහණය සිදුවන අතර එහි මධ්‍ය අවස්ථාව උදෑසන 7 පසුවී විනාඩි 13ට සිදුවේ. බ්‍රහස්පතිට අයත් ධනු රාශියේදී සිදුවන අර්ධ සූර්යග්‍රහණයේ ඵල විපාක ආසියාතික රටවලටත්, යුරෝපා රටවලටත් ඍජුවම බලපානු ඇත. විශේෂයෙන් අප රට ඇතුළුව ඉන්දියාව, ජපානය, චීනය, පාකිස්තානය, බෙල්ජියම, ඉන්දුනීසියාව, අමෙරිකාව, සුමාත්‍රා දූපත් ආශ්‍රිතව බලපෑම් ඇතිවන අතර ග්‍රහණයේ ඵල විපාක ඉදිරි මාස 6ක් යනතුරුම බලපැවැත්වේ.

මෙම ග්‍රහණයේ විපාක ලෙස ඉහත රටවල පවත්වන්නාවූ මැතිවරණවලින් පවතින ආණ්ඩුවලට බලයක් ලබාගැනීමට නොහැකි වන බව පෙනේ. රාජ්‍ය නායකයන්ට මාරක හෝ ඒ හා සමාන අපලවලට මුහුණපෑමට සිදුවනු ඇත. කාන්තාවන්ට, කුඩා ළමුන්ට සිදුවන්නා වූ අනතුරුවල ඉහළ යාමක් ඇතිවන බැවින්ද, හදිසියේ සිදුවන අනතුරැ හේතුවෙන්ද මියයන ප්‍රමාණය අධික වනු ඇත. ස්වභාවික විපත් බහුල වන අතර හදිසි ජලගැලීම්, භූ චලනද, රිට්ට මාපාංක 7 ඉක්මවූ ප්‍රබල භූ චලන ඇතිවීමක්, නායයාම්ද, ජලගැලීම්, මුහුද ගොඩගැලීම්ද සිදුවන බව පෙනේ. ඒ හේතුවෙන් ජීවිත හා දේපල විශාල ලෙස හානියට පත්වේ. සෙම් ආශ්‍රිතව පැතිර යන්නාවූ වෛරස් රෝග තත්ත්වයකින්ද ජනතාව පීඩාවට ලක්වනු ඇත. ජනතා අවධානයට පාත්‍ර වූ ප්‍රසිද්ධ කාන්තාවකට මාරකයක් උදාවේ.

මේෂ - ශරීර පීඩා

ඔබට එතරම් අයහපත් නොවන අතර යම් යම් ආරංචි හේතුවෙන් බියවීම්වලට ලක්වනු ඇත. තම කාලාත්‍රයාට හදිසි ශරීර පීඩා ඇතිවිය හැක. ආගමික කටයුතු වෙනුවෙන්ද වැඩි වශයෙන් කාලය ගත කිරීමට පෙළඹෙනු ඇත.

වෘෂභ - ව්‍යාපාරවලට හොඳයි

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් සැමවිටම කල්පනාකාරීව කටයුතු කරන්න. හදිසි මුදල් පාඩුවකට ලක්විය හැකි බැවින් ගනුදෙනුවලදීද පරිස්සම් වන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභ වනු ඇත.

මිථුන - මංගල යෝජනා

පවුල් දිවියේ සමගියට බාධා ගෙන දේ. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. භූමිය ආශ්‍රිතව කටයුතුවල නියැලී සිටින අයට ශුභ ඵල අත්වනු ඇත. අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වනු ඇත.

කටක - විදේශගතවීම්

තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන වකවානුවකි. ජලයෙන් පීඩා ඇතිවනු ඇත. දුරගමන්, විදේශගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවන කාලයක් වේ.

සිංහ - වැඩ අතපසුවීම්

ප්‍රේම කටයුතුවලට බාධා ඇතිවන අතර මිතුරන්ගෙන්ද තමාට ප්‍රශ්න ඇතිවනු ඇත. ඔබේ යම් යම් කටයුතුවලට බාධාවීම් සිදුවේ. තම වැඩ අතපසුවීම්වලට ලක්වන බැවින් කල්පනාකාරී වන්න.

කන්‍යා - සමගියට බාධා

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. පවුල් දිවියේ සමගියට බාධා ගෙන දේ. තමා විසින් කරගත් දෙයක් හේතුවෙන් කරදරයට පත්වනු ඇත. සිතට යම් යම් ප්‍රශ්න ගෙන දෙන කාලයක් වේ.

තුලා - සතුරන් පැරදේ

වැඩිපුර තමා ගැන පමණක් සිතා කටයුතු කරන වකවානුවක් වන අතර ඔබට එරෙහිව පැවති සතුරැ බලය පරාජයට පත්කිරීමට හැකි වකවානුවකි. තමාගේ හිතමිතුරන්ගෙන් තමාට උදව් නොලැබෙන්නාවූත් කාලයක් වේ.

වෘෂ්චික - සමාජ වෙනසක්

නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කිරීම වැදගත් වනු ඇත. සේවා ස්ථානයේ වෙනසක් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත.

ධනු - මුදල් හානි

මුදල් පාඩුවකට ලක්විය හැකි බැවින් කල්පනාකාරී වන්න. උරැම හිමිකම් ලබාගත හැකිවනු ඇත. අලුත් හිතමිතුරන් තමා සමඟ මිත්‍රකම් ඇතිකරගනී. හදිසි ශරීරපීඩා ඇතිවන බැවින් ප්‍රවේසම් වන්න.

මකර - දුරගමන්

භූමිය ආශ්‍රිතව කටයුතු කරන අයට ශුභ ඵල අත්වන අතර දුරගමන් යෙදෙන වකවානුවක් වනු ඇත. හවුල් කටයුතුවලින්ද ඵල අත්වේ. අනවශ්‍ය වියදම් සහිත කාලයක් වේ.

කුම්භ - විදේශගතවීම්

ඔබට යහපත් වන අතර දේශපාලන කටයුතුවල නිරත අයට ශුභ ඵල අත්වනු ඇත. පතල් ආශ්‍රිතව කටයුතු කරන අයට වටිනා සම්පත් හිමිවනු ඇත. විදේශගතවීමේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වකවානුවක්ද වේ.

මීන - රජයේ රැකියා

ඔබට අයහපත් වන අතර සේවා ස්ථානයේ උසස්වීම් අපේක්ෂා කළ අයට තම බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකිවනු ඇත. හදිසි ධනලාභ හිමිවන අතර රජයේ රුකියා බලාපොරොත්තුද ඉෂ්ඨ කරගත හැකිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00